මෙහි පදනම වනුයේ සැබැවින්ම අන්ය කාන්තාවන් අන්ය පිරිමින් සමග ආශ්රය තහනම් යන්නය. තම කාන්තාවන් අතහැර දමා, යුද්ධයට නොගොස් රැඳී සිටින්නන් වෙත එම කාන්තාවන්ගේ ආරක්ෂාව පවරා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් සඳහා පිටත්ව ගිය මුජාහිද්වරුන්ගේ කාන්තාවන් සම්බන්ධයෙන් එය ඉමහත් වෙයි. ඔවුන්ගේ මාන්ය්ය කෙළසීමෙන් වැළකී සිටීම ඔවුන් වෙත අනිවාර්යය වේ. එමෙන්ම ඔවුන් සමග තනිවී සිටීම, ඔවුන් දෙස බැල්ම හෙළීම හෝ නරක වචනවලින් කතා කිරීම සුදුසු නැත. හේතුව සැබැවින්ම එම කාන්තාවන්ගේ ගෞරවය ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි. ඔවුන්ගේ පවුල්වල වගකීම සම්බන්ධයෙන් යුද්ධයට සහභාගී නොවූ සෙසු අයට වසීය්යත් කර ඇති බැවිනි. එහෙයින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙසේ විස්තර කළහ. "ඔවුනට අනිවාර්යයයෙන් ඉටු කළ යුතු දෑ ඉටු කිරීමත් ඔවුන් විෂයයෙහි ඔහුට වංචා කිරීමෙන්, ඔවුන් දෙස බැල්ම හෙලීමෙන් හා තහනම් කරුණක ඔවුන් සමග නිරත වීමට උත්සාහ දැරීමෙන් ආරක්ෂා වීමත් ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධයෙන් ඔහු ඉල්ලා සිටි දෑහි කිසිවක් අඩු නොකිරීමත් ඔවුනට යහපත සැලසීමත් ඔවුන්ගෙන් වේදනාව ඉවත් කිරීමත් මිනිසා වෙත අනිවාර්යය වන්නේය. "රැඳී සිටින්නන් අතුරින් මිනිසෙකු, දිවිපුදන්නන් අතුරින් වූ මිනිසෙකු වෙත තම පවුල සම්බන්ධයෙන් දිවුරා සිටියි. පසුව ඔවුන් විශයයෙහි ඔහු ඔහුට වංචා කරයි. එවිට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඉදිරියේ ඔහුව නතර කර තබා ඔහු තෘප්තියට පත්වන තුරු මොහුගේ යහපත් දෑ ගනු ලැබේ" මෙහි අර්ථය: සැබැවින්ම මුජහිද්වරුන්ගේ කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුන් නැති අවස්ථාවේ ඔවුන්ගේ කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුනට වංචා කරමින් කටයුතු කරන්නා වනාහි, සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මුජාහිද්වරයාට ඉඩ දෙනු ඇත. එවිට ඔහු තමන්ට වංචා කළ අයගේ යහකම් තමන් තෘප්තියට පත් වන තෙක් ලබා තම දෑස් සිසිලි කර ගනු ඇත. පසුව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔබලාගේ අදහස කුමක්දැයි විමසා සිටියහ. එනම් මුජාහිද්වරයාගේ කැමැත්ත අනුව වංචා කළ පුද්ගලයාගෙන් යහකම් ලබා ඔහු සිටිය යුතු ස්ථානයට වඩා යමක් අධික කර ගැනීම සම්බන්ධයෙන් ඔබලා කුමක් සිතන්නෙහු ද එනම් කිසිවක් ඉතිරි නොවන තරමට ඔහුගෙන් එය ගනු මිස නැත. මිර්කාතුල් මෆාතිහ් (6/2461) සුනන් අබූ දාවුද්හි විවරණය: අල් අබ්බාද් ඉලෙක්ටේරානික පිටපත.