මුස්ලිම්වරයකු ඔහුගේ සහෝදර මුස්ලිම්වරයකුට බැණ වැදීම හෝ දොස් නැගීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. සැබැවින්ම එය දුෂ්ඨකමකි. එමෙන්ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමෙන් බැහැර කරන්නකි. මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයකු සමග ගැටුම් ඇති කර ගැනීම දේවප්‍රතික්ෂේපිත ක්‍රියාවකි. නමුත් එය සැළකෙනෙුයේ සුළු ගණයේ ප්‍රතික්ෂේපිත ක්‍රියාවක් ලෙසය.