නියත වශයෙන්ම ඔබ මුස්ලිම්වරුන්ගේ තත්ත්වයන් අනවශ්යය ලෙස විපරම් කරමින් ඔවුන්ගේ අඩුපාඩු සොයා සැඟවුණු ඔවුන්ගේ වැරදි ගවේෂණ කොට ඒවා ප්රසිද්ධියට පත් කරමින් ඔවුන්ගේ රහස් අනාවරණය කරන්නේ නම් ඔවුන්ගේ ලැජ්ජා බිය අඩු වී යනු ඇත. ඔවුන් ගැන අල්ලාහ් හැර වෙන කිසිවකු නොදන්නා ඔවුන් එසේ සඟවා සිටි පාපයන් ප්රසිද්ධියට පත් කිරීමෙන් ඒ හා සමාන වැරදි කිරීමට ඔවුහු එඩිතර වනු ඇත.