ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අන්ධකාරයන්ය." ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මෙයද මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අන්ධකාරය (අපාරාධය) ගැන දේව හැඟීමෙන් කටයුතු කරන්න. සැබැවින්ම අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අන්ධකාරයන්ය. එමෙන්ම මසුරුකම ගැන ද ඔබ දේව හැඟීමෙන් කටයුතු කරන්න. සැබැවින්ම එය නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය." එම හදීසයේ වාර්තාවන් දෙක සමග පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

මෙම හදීස් දෙක අපරාධය තහනම් කිරීමේ ආධාරකයන් දෙකකි. සියලුම වර්ගයේ අපරාධ මෙහි ඇතුළත් වන්නේය. ඒ අතරින් අල්ලාහ්ට ආදේශ තැබීමත් එකකි. හදීස් දෙකෙහි සඳහන් “අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අන්ධකාරයන්ය.” යන ප්රකාශය වනාහි, ඉන් අදහස් කරනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මඟ ලැබිය නොහැකි පරිදි අදාළ පුද්ගලයාට අන්ධකාරයන් එකින් පසු එක අඛණ්ඩව පැමිණෙන්නක් බවයි. දෙවන හදීසයේ සඳහන් “මසුරුකම ගැන ද ඔබ දේව හැඟීමෙන් කටයුතු කරන්න. සැබැවින්ම එය නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය.” යන ප්රකාශය වනාහි, එහි මසුරුකම පිළිබඳ අවවාදයක් ඇත. එමෙන්ම සමාජය තුළ එවන් මසුරුකම් දැක්වීම විනාශයේ සළකුණක් බවට පැහැදිලි කර ඇත. ඊට හේතුව අපරාධ කිරීම, ඉක්මවා කටයුතු කිරීම, සතුරුකම් පෑම, ජීවිත හානි සිදු කිරීම යනාදී කරුණුවලට මෙය හේතුවන බැවිණි.