සැබැවින්ම කාෆිර්වරයා අවනතව යම් ක්රියාවක් කළ විට, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුට මෙලොවෙහි පෝෂණය ලබා දෙනු ඇත. නමුත් මුඃමින්වරයා වනාහි, ඔහු අවනතව යම් ක්රියාවක් කළ විට නියත වශයෙන්ම අල්ලාහ් එ්වා මතුලොවෙහි ඔහුට පිරිනමනු පිණිස සුරක්ෂිතව තබයි. එමෙන්ම ඔහුට අවනත වූ හේතුවෙන් මෙලොවෙහිද පෝෂණය සලසයි. “මුඃමින්වරයකු කළ යහපත සඳහා වූ ප්රතිඵල නියත වශයෙන්ම අල්ලාහ් මඟ නොහරින්නේය. එමගින් මෙලොවෙහි ඔහුට පෝෂණය ලබා දෙන අතර මතුලොවෙහි එ් සඳහා වූ කුසල් ඔහුට පිරිනමයි. නමුත් කාෆිර්වරයා වූ කල්හි, ඔහුගේ දැහැමි ක්රියාවන්ට සරිලන අයුරින් මතුලොවට යන තෙක් මෙලොවෙහි පෝෂණය ලබා දෙනු ඇත. නමුත් ඔහු කළ යහපතට එහි කුසල් පිරිනමනු නොලැබේ.“ නියත වශයෙන්ම දේව ප්රතික්ෂේපකයකු ඔහු ප්රතික්ෂේප කරමින් සිටි තත්ත්වයේ මිය යැදුණේ නම් මතුලොවෙහි ඔහුට කිසිදු කුසලක් අත් නොවන්නේය. අල්ලාහ්ට සමීප වීම පිණිස මෙලොවෙහි ඔහු සිදු කළ කිසිදු ක්රියාවකට ප්රතිඵල දෙනු නොලබන බව විද්වත්හු ඒකමතිකව පවසා ඇත. මෙම හදීසයේ ඉතා පැහැදිලිව පවසා ඇත්තේ, ඔහු කළ යහපත් දෑ වෙනුවට මෙලොවෙහි ආහාර සපයනු ලබන බවය. එනම්, ඔහු අල්ලාහ්ට සමීප වීම පිණිස ඔහු සිදු කළ ක්රියාවන් වෙනුවෙනි. එය යහපත් චේතනාව මුල් කර ගෙන සිදු කළ යුත්තකි. උදාහරණ වශයෙන් ඥාතී සම්බන්ධකම් පවත්වා ගැනීම, දානමාන කටයුතුවල නිරතවීම, වහලුන් නිදහස් කිරීම, ආගන්තුක සත්කාර කිරීම, ඒ හා සමාන යහපත් දෑ සිදු කිරීම. නමුත් මෙවන් දැහැමි දෑ දේව ප්රතික්ෂේපකයකු සිදු කොට පසුව ඉස්ලාමය වැළඳ ගත්තේ නම් එවිට සැබැවින්ම මතුලොවෙහි ඒ වෙනුවට කුසල් ලැබෙන බව නිවැරදි සංකල්පය බව ඔවුන් තවදුරටත් පවසා සිටිති.