මුඅද්දින් සලාතයේ ඇරයුම වන අදාන් පවසා අවසන් කළ පසු එයට සවන් දෙන තැනැත්තා පහත සඳහන් පරිදි ප්‍රාර්ථනා කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ ، (අහෝ මෙම ඇරයුමෙහි හිමිපාණනි!) මේවා අල්ලාහ්ට නැමදුම් කිරීම හා සලාතය සඳහා ඇරයුම් කරනු ලබන අදානයේ වදන් වේ. التَّامَّةِ (පරිපූර්ණ) පරිපූර්ණ ඇරයුම. එය දේවත්වය ඒකීයත්වයට පත් කිරීමේ හා දිව්‍ය පණිවිඩයේ ඇරයුමකි. وَالصَّلاَةِ القَائِمَةِ (ඉටු කරනු ලබන සලාතයේ) ඉටු කරනු ලබන සුපුරුදු නැමදුමේ. آتِ (පිරිනමනු මැනව!) හිමිකර දෙනු මැනව, مُحَمَّدًا الوَسِيلَةَ (මුහම්මද්ට වසීලාව හෙවත් උසස් නිලය) එතුමාණන්ට හැර වෙනත් කිසිවකුට දෙනු නොලබන ස්වර්ගයේ උසස් නිලය, وَالفَضِيلَةَ (ෆළීලා හෙවත් මහිමය) මෙම මැවීම්වලට හිමි තරාතිරම්වලට වඩා අමතර තරාතිරම්, وَابْعَثْهُ (ඔහු අවදි කරනු මැනව!) ඔහුට පිරිනමනු මැනව, مَقَامًا مَحْمُودًا (ප්‍රශංසනීය ස්ථානයේ) එහි අවදි වන්නා ප්‍රශංසාවට ලක් වෙයි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අතිමහත් මැදිහත් වීමය. الَّذِي وَعَدْتَهُ (ඔබ පොරොන්දු දුන්) එනම්: ඔබේ පරමාධිපති ඔබව ප්‍රශංසනීය ස්ථානයේ ඔබව අවදි කරනු ඇත යන පොරොන්දුව අනුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට හිමි වනු ඇත. කවරෙකු මෙම ප්‍රාර්ථනාව උසුරන්නේ ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත් වීම මතු ලොවෙහි ඔහුට උරුම වනු ඇත. එය ඔහුට අනිවාර්යය වනු ඇත.