නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: "ස්වර්ගයේ සිය ගණනක් නිලයන් හා තරාතිරම් ඇත. ඒ සෑම තාරතිරම් දෙකක් අතර දුර ප්‍රමාණය අහස හා පොළොව අතර දුර ප්‍රමාණය මෙනි. එම ස්වර්ග උයන් අතරින් උසස්ම ස්වර්ග උයන ෆිර්දව්ස් ය. එමගින් ස්වර්ගයේ ගංගා හතරක් ගලා බසී. ෆිර්දවුස් නම් ස්වර්ගයට ඉහළින් දේව රාජ්‍යය පිහිටා ඇත. එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට, සියලුම ස්වර්ගවලට ඉහළින් ඇති ෆිර්දව්ස් ස්වර්ගයම ඔහුගෙන් ඉල්ලා සිටින්න."