කවරෙකු ණයකරුට ණය ගෙවීමට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහුගේ ණයබර සැහැල්ලු කරන්නේ ද එවැන්නෙකුට හිමි ප්‍රතිඵලය වනුයේ, ගැත්තන්ගේ හිසට හිරු ළඟා වන, එහි උෂ්ණත්වය ඔවුනට මහත් දරැණු වන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් තම රාජ්‍යය යටතේ ඔහුට හෙවණ ලබා දීමය. අල්ලාහ් කවරෙකුට හෙවණ ලබා දෙන්නේ ද ඔහු හැර වෙනත් කිසිවකු විසින් කිසිදු හෙවණක් නො ලබනු ඇත.