අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පාවහන් නොමැතිව, නිරුවතින් සහ චර්මච්ඡේදනය නොකළ තත්ත්වයේ මිනිසුන් එක්රැස් කරනු ලැබේ" මම මෙසේ ඇසුවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණෙනි! පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා, එකිනෙකා දෙස බලා සිටිනවා නොවේ ද?" එතුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ, "අහෝ ආඉෂා! තත්ත්වය ඔවුන් එකිනෙකා බලනවාට වඩා බරපතල වනු ඇත." صحيح - متفق عليه
explain-icon

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇතැම් තත්ත්වයන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විස්තර කළහ. "මිනිසුන් ඔවුන්ගේ මිනී වලවල්වලින් අවදි කිරීමෙන් පසුව විනිශ්චය සඳහා එක් රැස් කරනු ලබති. එවිට ඔවුන් පාවහන් නොමැතිව හිස් කකුලෙන් ද, ඇඳුමක් හෝ ආවරණයක් නොමැතිව නිරුවතින් ද චර්මච්ඡේදනය නොකර ඔවුන්ගේ මවුවරුන් ඔවුන් ප්‍රසූත කල මුල් උපන් තත්ත්වයේ ද සිටිති." මේ ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සවන් දුන් කල්හි, ඇය මවිතයට පත්ව මෙසේ විමසා සිටියාය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණෙනි! පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා, එකිනෙකා දෙස බලා සිටිනවා නොවේ ද?!" එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ: "මිය ගොස් යළි අවදි කර පසු නවතින, එක්රැස් කරනු ලබන ස්ථානයේ පවතින බිහිසුණුකම හමුවේ ඔවුනොවුන් රහස්‍ය පෙදෙස් වෙත ඔවුන්ගේ බැල්ම හෙළන තරමට සැළකිල්ලක් එදින නොවනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බිහිසුණුකම පැහැදිලි කිරීම. සැබැවින්ම එදින මිනිහා විනිශ්චය ගැන හා ක්‍රියාවන් ගැන මිස වෙනත් දෙයක කාර්යබහුල වී නොසිටිනු ඇත.
  • නොසැලකිලිමත් තත්ත්වයක දී හැර, පුද්ගලයෙකු පාපයක් නොකරන බව තහවුරු කිරීම; මක්නිසාද යත්, ඔහු අකීකරු වූ තැනැත්තාගේ ශ්‍රේෂ්ඨත්වය හෝ ඔහුගේ දඬුවම සිහිපත් කළේ නම්, ඇසිපිය හෙළන මොහොතට හෝ ඔහු ඔහුව සිහිපත් කිරීම, ඔහුට ස්තූති කිරීම සහ ඔහුට නිසි ලෙස නමස්කාර කිරීම නොසලකා හරින්නේ නැත. ඒ නිසා රැස්ව සිටි ජනතාව එකිනෙකා දෙස නොබලා තමන් ගැනම කාර්යබහුලව සිටිනු ඔබට පෙනෙනු ඇත.
  • අල්ලාහ්ගේ දූතයාණන්ගේ යුගයේ කාන්තාවන් තුළ තිබූ දැඩි ලැජ්ජාශීලීභාවය. පිරිමින් හා කාන්තාවන් නිරුවතින් රැස්කරනු ලබන බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ සවනට වැකුණු කල්හි ලැජ්ජාශීලී භාවය ගැන එතුමිය විමසා සිටියේ එබැවිනි.
  • සින්දී තුමා මෙසේ පවසයි: "සෑම කෙනෙකුම තම කාර්යයේ කාර්යබහුලව සිටී. ඔහුගේ සහෝදරයාගේ තත්ත්වය ගැන නොදනී. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ඔවුන් අතරින් සෑම පුද්ගලයකුටම ඔහුව නිරත කරවන කාර්යයක් ඇත. (අබස: 37) එබැවින් තවත් කෙනෙකුගේ රහස්‍ය පෙදෙස දෙස කිසිවෙකු හැරී බලන්නේ නැත."
  • චර්මඡේදනය පිරිමි පාර්ශවයට නම්: මුණ්ඩය වසා ඇති හම කපා ඉවත් කිරීමය. කාන්තා පාර්ශවයට නම්: යෝනි මාර්ගය වසා ඇති කුකුල් කරමලට සමාන හම කපා ඉවත් කිරීමය.
explain-icon

අමතර