ආහාරයෙන් හෝ ඇඳුම් පැළඳුම්වලින් හෝ ප්රවාහනයෙන් හෝ මුදලින් හෝ ක්රම දෙකකින් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තු වෙමින් කවරෙකු පරිත්යාග කරන්නේද, මලක්වරු ස්වර්ග දොරටු අසළ සිට ඔහුව සාදරයෙන් පිළිගෙන ඔබ බොහෝමයක් යහපත සිදු කොට ඇත. එහෙයින් අද දින ඒ සඳහා අතිමහත් කුසල් පිරිනමනු ලබනු ඇත. යැයි පවසති. අධික වශයෙන් සලාතය ඉටු කළවුන් සලාතයේ දොරටුවෙන් කැඳවනු ලැබ ඔවුන් ඒ මාර්ගයෙන් ස්වර්ගට පිවිසෙනු ඇත.අධික වශයෙන් සදකා දුන් අය සදකාවේ දොරටුවෙන් කැඳවනු ලැබ ඔවුන් ඒ මාර්ගයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත. අධික වශයෙන් උපවාසයේ නිරත වූවන්ට රය්යාන් නම් දොරටුව අබියස මලක්වරු ඔවුන් සාදරයෙන් පිළිගෙන ස්වර්ගයට පිවිසෙන මෙන් කැඳවති. රය්යාන් යනු පිපාසය සංසිදුවන ස්ථානයකි. හේතුව උපවාසයේ නිරත වූවන් ජලය පානය කිරීමෙන් වැළකී පිපාසයෙන් සිටින බැවිනි. විශේෂයෙන් ග්රීස්ම සෘතුවෙහි ඔවුන් පිපාසයෙන් සිටියහ. එහෙයින් ඔවුන්ගේ පිපාසය සඳහා කිසි විටෙක පිපාසය ඇති නොවන ස්වරගය පිරිනමනු ලබති. ඔවුහු එම දොරටුවෙන් ස්වර්ගය වෙත පිවිසෙනු ඇත. අබූ බක්කර් තුමා මෙයට සවන් දුන් කල්හි, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ පියා හා මාගේ මව ඔබට කැප කරමින් පවසමි. එම දොරටුවලින් ඇරයුම් කරනු ලබන්නන් හට (දුක් වන්නට) කිසිදු හේතුවක් නොවනු ඇත. නමුත් ඒ සියලු දොරටුවලින් කිසිවකු ඇරයුම් කරනු ලබනු ඇත්දැ?“යි විමසා සිටියේය. එවිට එතුමා “එසේය ඔබත් ඔවුන් අතුරින් වන්නට මම ආශා කරමි“ යැයි පැවසූහ.