ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අපා ගින්න වෙත තහනම් වූ අය කවුරුන් ද? එසේ නැතහොත් අපා ගින්න තමන්ට තහනම් වන අය කවුරුන් ද? යන්න වග මම නුඹලාට දැනුම් දෙන්න ද? කිට්ටුවෙන්, මෛත්රියෙන් මෘදු ලෙස හා සැහැල්ලුවෙන් කටයුතු කරන සෑම කෙනෙකුටම එය තහනම් වන්නේය.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අපා ගින්නෙන් වළක්වනු ලැබූ අය හෝ ඔහුගෙන් එය වළක්වනු ලැබූ අය කවුරුන්දැ?යි මම නුඹලාට දන්වා සිටිය යුතු නොවේ ද? ජනතාව අවනතව කටයුතු කරන ස්ථානවල හා ඔවුන් සමග කරුණාවෙන් කටයුතු කරන අවස්ථාවලදී ඔවුන් සමග වාඩි වෙමින් ඔවුනට කිට්ටුවෙන් කටයුතු කරන සෑම කෙනෙකුටම එමෙන්ම ජනයා සමග කටයුතු කිරීමේ දී කරුණාව පෙන්වන මෛත්රිය හා දයාව පෙන්වන සෑම කෙනෙකුටම එය තහනම් වන්නේය.