ඇතැමුන් ගැන අල්ලාහ්ගේ දූතයාණෝ අපට දන්වා සිටියහ. කවරෙකු ඒකදේව වාදයේ ප්‍රකාශය, එහි අර්ථය මැනවින් වටහා ගෙන මුවින් පවසා ඉන් අපේක්ෂා කරන දෑට අනුව ක්‍රියා කළේද, එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගැති භාවය හා එතුමාණන්ගේ දූත මෙහෙය ගැන සාක්ෂි දරා ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ ගැති භාවය හා එතුමාගේ දූත මෙහෙය පිළිගත්තේද, සැබැවින්ම අල්ලාහ් 'කුන්' (වනු) යන වදනින් ඔහුව මැවූ විට, ඔහු විය. සැබැවින්ම ඔහු අල්ලාහ් මැවූ ආත්මාවන්ගෙන් එක් ආත්මයක් බව පිළිගත්තේ ද, ඇයගේ මවට ඔහු සම්බන්ධයෙන් යුදෙව්වන් නගන චෝදනාවලින් ඇය ව නිදොස් කළ බව පිළිගත්තේ ද, ස්වර්ගය සැබෑවකි; නිරය ද සැබෑවකි; ඒවායෙහි පැවැත්ම ස්ථීරය; සැබැවින්ම අල්ලාහ්ගේ ආශිර්වාදයත් ඔහුගේ දඬුවමත් එහි ඇත යැයි විශ්වාස කළේ ද, ඔහු එම තත්ත්වයේ මිය ගියේ නම්, ඔහුගේ නවාතැන ස්වර්ගය වෙත වේ. අවනතවීමෙහි අඩුපාඩු ඇති වී නම් ඔහුට කළකම්හි පාපය ඔහු සතු වන්නේය.