අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්නා මැවූ කල්හි, ඔහු ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාට 'ඔබ ස්වර්ගයට ගොස් ඒ දෙස බලන්න' යැයි පැවසීය. ඔහු එහි ගොස් ඒ දෙස බලා නැවත හැරී ආවේය. ජිබ්රීල් තුමා මෙසේ පැවසීය: අහෝ පරමාධිපතියාණනි, ඔබේ ගෞරවයේ නාමයෙන් ඒ ගැනත් එහි ඇති සුවපහසුකම්, ගෞරවයන් හා යහපත ගැනත් සවන් දෙන කිසිවකු හෝ වේවා එහි පිවිසීමට ප්‍රිය කරන්නේමය. එමෙන්ම ඒ හේතුවෙන් නැමදුම් ඉටු කරනු ඇත. පසු ව අල්ලාහ් ස්වර්ගය වට කර, නියෝග ක්‍රියාත්මක කිරීම සහ තහනම් දැයින් වැළකී සිටීම යනාදී දුෂ්කරතා සහ අපහසුතා සමඟ එය වෙළා ගත්තේය. එහෙයින් එයට ඇතුළු වීමට කැමති අය එම දුෂ්කරතා පසු කළ යුතුය. පසුව සර්වබලධාරී අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ජිබ්රීල්, දුෂ්කරතා සමග ස්වර්ගය වට කරගත් පසු ඔබ එහි ගොස් ඒ දෙස බලන්න. එවිට ඔහු ගොස් ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පවසයි: අහෝ පරමාධිපතියාණනි, ඔබේ ගෞරවයේ නාමයෙන්, එහි මාර්ගයේ ඇති දුෂ්කරතා හා අසීරුතා හේතුවෙන් කිසිවකු එහි නොපිවිසෙනු ඇතැයි මම බිය වෙමි. අල්ලාහ් අපා ගින්න මැවූ කල්හි: අහෝ ජිබ්රීල්! ඔබ ගොස් ඒ දෙස බලනු යැයි පැවසීය. එවිට ඔහු ගොස් ඒ දෙස බැලුවේය. පසුව ජිබ්රීල් තුමා පැමිණ මෙසේ ප්‍රකාශ කළේය: මාගේ පරමාධිපතියාණනි, ඔබේ ගෞරවයේ නාමයෙන්, එහි ඇති වධ හිංසා, වේදනා සහ අපයෝජන ගැන කිසිවකු හෝ සවන් දුන්නේ නම් ඔහු එහි පිවිසීමට පිළිකුල් කරන්නේමය. ඒවාට අදාළ වන හේතූ සාධකවලින් දුරස් වන්නේමය. පසුව අල්ලාහ් අපාය වට කළේය. ඒ වෙත යන මාර්ගය ආශාවන් හා වින්දනයන්ගෙන් සකස් කළේය. පසුව ඔහු: අහෝ ජිබ්රීල්, ඔබ ගොස් ඒ දෙස බලනු යැයි පැවසීය. ජිබ්රීල් තුමා ගොස් ඒ දෙස බලා පසුව පැමිණ මෙසේ පැවසීය: අහෝ පරමාධිපතියාණනි, ඒ අවට ඇති ආශාවන් හා වින්දනයන් හේතුවෙන් කිසිවකු එයින් ගැලවී නොයනු ඇතැයි මම බිය වෙමි, තැති ගනිමි.