සැබැවින්ම ස්වර්ගයේ මිනිසුන් රැස්වෙන ස්ථානයක් ඇත. කිසිදු ගනු දෙනුවක් එහි සිදු නොවන අතර තමන් කැමති දෑ ඉන් ඔවුන් අර ගනිති. දින හතකට වරක් ඔවුහු එහි පැමිණෙති. උතුරු දෙසින් සුළඟක් හමයි. එය ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ ඇඳුම්වල හමයි. එවිට ඔවුන් අලංකාරයෙන් හා පැහැපත් බවින් වැඩි වෙයි. පසුව ඔවුන් අලංකාරය හා පැහැපත් බව වර්ධනය වූ තත්ත්වයේ ඔවුන්ගේ පවුල් වෙත හැරී යති. ඔවුන්ගේ පවුලේ උදවිය ඔවුනට මෙසේ පවසති: "අල්ලාහ් මත දිවුරා පවසමු, සැබැවින්ම අපෙන් ඔබ වෙන්ව ගිය පසුව අලංකාරයෙන් හා පැහැපත් බවින් වර්ධනය වී ඇත." එවිට ඔවුහු ද මෙසේ පවසති. "අල්ලාහ් මත දිවුරා පවසමු, ඔබ ද අප ගිය පසු අලංකාරයෙන් හා පැහැපත් බවින් වර්ධනය වී ඇත" යැයි පවසා සිටිති.