“අල් කුර්සී හෙවත් රාජාසනය දෙපා අසළ පවතින්නකි.” එනම් අල් කුර්සී හෙවත් රාජාසනය අල්ලාහ් තමන් සමග එකතු කර ගත්තේය. එය ඔහුගේ පාද දෙක අසළ තිබෙන්නකි. ‘කුර්සී’ සම්බන්ධව මෙම අර්ථය සඳහන් කර ඇත්තේ ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසිනි. අහ්ලුස් සුන්නාවරුන් අතර එය ප්රචලිත මතයකි. එය සුරක්ෂිතව පවතින්නකි. සැබැවින්ම කුර්සී විෂයයෙහි එය සළකුණක් යනුවෙන් ද වාර්තා වී ඇත. නමුත් එය සුරක්ෂිත අදහසක් නොවන්නකි. හසන් විසින් වාර්තා කරන ලද හදීසයක සැබැවින්ම ‘කුර්සී’ යනු එය අර්ෂ් හෙවත් රාජධානිය වේ. එය දුර්වල මතයක් වන අතර නිවැරදි වන්නේද නැත. තවද මෙහිදී අල්ලාහ්ට පාද දෙකක් ඇතැයි සඳහන්ව ඇත. එහි ව්යූහයක් හෝ උපමාවක් හෝ විස්තර කිරීමක් හෝ විකෘති කිරීමක් තොරව ඔහුගේ බලමහිමයට ගැලපෙන අයුරින් පිහිටා ඇති බව ඇති බව ස්ථීර කර ඇත. “මෙම අර්ෂ් හෙවත් රාජධානිය එහි ප්රමාණය නිර්ණය කරන කිසිවකු නැත.” එනම්, අල්-අර්ෂ් හෙවත් රාජධානිය එ මත අල්ලාහ් අතිමහත් මැවීමක් ස්ථාපනය කළේය. එහි වර්ග ප්රමාණය හා විශාලත්වය උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනියි.