කටයුතු විධිමත්ව ඉටු කරන මෙන් ද, අතිශයෝක්තියකින් හෝ අඩුපාට සිදු කිරීමකින් තොරව, තමන්ට හැකි පමණින් අල්ලාහ්ට බියවන මෙන් ද, තමන් කරන ක්‍රියාව අල්ලාහ් වෙනුවෙන් අවංකව පුදකිරීමේ හා නබි තුමාණන්ගේ සුන්නාව පිළිපැදීමේ අපේක්ෂාවෙන් ඉටු කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. කටයුතු පිළිගනු ලබන්නේ එවිටය. එමෙන්ම ඔවුන් වෙත කරුණාව පහළ වීමටත් එය හේතුවක් බවට පත්වනු ඇත. අනතුරුව, ඔබ අතරින් කිසිවකු හෝ ක්‍රියා සිදුකළ පමණින් අපා ගින්නෙන් මිදෙන්නේ නැති බවත්, ඒ සඳහා අල්ලාහ්ගේ කරුණාව ද අවශ්‍ය බවත් එතුමාණෝ ඔවුනට දන්වා සිටියහ. ඔවුහු, "අල්ලාහ්ගේ දූතයාණනි! ඉමහත් සේ ප්‍රයත්න දරමින් ඔබ කළ ඔබේ ක්‍රියාව පවා ඔබව ආරක්ෂා නො කරන්නේ ද?" යැයි විමසුවෝය. එවිට එතුමාණෝ, "මම පවා එලෙසම ය. නමුත් අල්ලාහ්ගේ කරුණාවේ භාග්‍යයෙන් ඔහු මා ආවරණය කරන්නේ නම් මිස." යැයි පැවසුහ.