අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මින්බර් වේදිකාව මත සිට සදකාව (දානය), තැන්පත් කම හා ඉල්ලීම පිළිබඳ මතක් කරමින් මෙසේ පවසා සිටියහ. "ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය වියදම් කරන අතයි. පහළ අත යනු ඉල්ලා සිටින අතයි." صحيح - متفق عليه
explain-icon

විවරණය

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මින්බර් වේදිකාව මතට වී දේශනා කරමින් සදකාව (දානය), තැන්පත් කම හා ඉල්ලීම පිළිබඳ උපදෙස් දුන්හ. වියදම් කරන, පිරිනමන උසස් අත, ඉල්ලා සිටින පහත් අතට වඩා අල්ලාහ් වෙත උතුම්ය. ආදරණීයය.

explain-icon

හදීසයේ හරය

  • යහපත් කටයුතු වලදී වැය කිරීම හා වියදම් කිරීමේ මහිමය හා ඉල්ලා සිටීමේ පහත්කම.
  • ඉල්ලා සිටීම ගැන නිහතමානී වීමට හා මිනිසුන්ගෙන් අවශ්‍යතා ඉල්ලා සිටීමෙන් ඉවත් වීමට උනන්දු කරවීම. ගරු කටයුතු සඳහා දිරි ගැන්වීම හා පහත් කටයුතු අත්හැරීම. සැබැවින් අල්ලාහ් උසස් ගරු කටයුතු ප්‍රිය කරයි.
  • මහිමය අනුව වර්ග හතරක අත් ඇත. එය පහත සඳහන් පරිදිය. ඒ අතරින් උසස්ම වනුයේ වියදම් කරන අත ය. පසුව ඉල්ලා සිටීමෙන් නිහතමානී වන අත ය. පසුව ඉල්ලා සිටීමෙන් තොරව ගන්නා අත ය. පසුව ඉල්ලා සිටින පහත් අත ය.