ධනවත් තම සහෝදරයින් ලබන කුසල් හා සමාන කුසල් තමන් ලබන්නටත් ඔවුන් මෙන් තමන් යහපත සිදු කිරීමටත්, දායක වීම සඳහා ප්‍රමාණවත් ධනය තමන් සතුව නැති බව ඇතැම් දුප්පත් හා දිළිඳු සහාබාවරුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පැමිණිලි කර සිටියෝය. එමෙන්ම තමන් සලාත් ඉටු කරන අයුරින් ඔවුන්ද සලාත් ඉටු කරන බවත් තමන් උපවාසය රකින අයුරින් ඔවුන් ද උපවාසය රකින බවත් සැළ කරමින් ඔවුන්ගේ අමතර ධනයෙන් ඔවුන් දානමාන ඉටු කළ ද තමන් එසේ දානමාන කටයුතු සිදු නො කරන බවත් දන්වා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට දානමාන කටයුතු පිරිනැමීමට හැකි ප්‍රමාණයෙන් වූ ඇතැම් කටයුතු පෙන්වා දෙමින් මෙසේ පැවසූහ.: “නුඹලා පුණ්‍ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට නියම කර නොමැත්තේ ද? සැබැවින්ම නුඹලා "සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුවිශුද්ධය) යැයි පැවසීම නුඹලාට එමගින් දානයේ කුසල් හිමිකර දෙනු ඇත. එමෙන්ම නුඹලා "අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රෙෂ්ඨය) යැයි පැවසීම ද දානයකි. නුඹලා "අල්හම්දුලිල්ලාහ් (සියල පැසසුම් අල්ලාහ්ටය) යැයි පැවසීම ද දානයකි. නුඹලා "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැත) යැයි පවසීම ද දානයකි. යහපත විධානය කිරීම ද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීම ද දානයකි. නුඹලා අතරින් කිසිවකු හෝ තම බිරිද සමග සංසර්ගයේ නියැලීම ද දානයකි.” යැයි පවසා සිටියහ. එවිට ඔවුහු පුදුමයට පත්ව: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් කෙනෙකු ඔහුගේ කාමය සංසිදුවා ගැනීමට පැමිණෙයි. එහි දී ඔහුට කුසල් හිමි වන්නේ දැ?’යි විමසා සිටියෝය. එතුමාණෝ: කාමයේ වරදවා හැසිරෙමින් තහනම් කරන ලද දෑහි ඔහුගේ කාමය සංසිදුවා ගත්තේ නම්, එය බරපතල පාපයක් වන සේම එය අනුමත අයුරින් සිදු කළේ නම් ඔහුට කුසලක් හිමි වනු ඇත" යැයි පැවසූහ.