අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදි: නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් අතරින් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: "අහෝ අල්ලාහ්ගේ දූතයාණණි!, ධනවත් අය ප්‍රතිඵල වලින් ඉදිරියට ගොස් ඇත. අප සලාත් ඉටු කරන්නාක් මෙන් ඔවුහු ද සලාත් ඉටු කරති. අප උපවාසය රකින්නාක් මෙන් ඔවුහු ද උපවාසය රකිති. අමරත ව ඔවුන්ගේ ධනයෙන් ඔවුහු දානමාන (පුණ්‍ය කටයුතු ද සිදු) කරති" යැයි පවසා සිටියහ. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “නුඹලා පුණ්‍ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට ඇති නොකළේ ද? (සුබ්හානල්ලාහ් - -අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයක්ම දානයකි. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයක්ම දානයකි. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයක්ම දානයකි. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයක්ම දානයකි. යහපත විධානය කිරීමද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමත් දානයකි. නුඹලා අතර කෙනෙකු (බිරිද සමග) කාමුකව හැසිරීම ද දානයකි.” යැයි පවසා සිටියහ. එවිට ඔවුහු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් කෙනෙකු ඔහුගේ කාමය සංසිදුවා ගැනීමට පැමිණෙයි. එහි දී ඔහුට කුසල් හිමි වන්නේ දැ?’යි විමසා සිටියහ. එතුමාණෝ: “තහනම් දෑහි ඔහු එය (කාමය) සංසිදුවා ගත්තේ නම් ඔබ දකින පරිදි එය බරපතල පාපයක් නොවන්නේ ද? එමෙන්ම ඔහු එය අනුමත දෑහි සංසිදුවා ගත් විට ඔහුට කුසලක් හිමි වනු ඇත” යැයි පැවසූහ. صحيح - رواه مسلم
explain-icon

විවරණය

ධනවත් තම සහෝදරයින් ලබන කුසල් හා සමාන කුසල් තමන් ලබන්නටත් ඔවුන් මෙන් තමන් යහපත සිදු කිරීමටත්, දායක වීම සඳහා ප්‍රමාණවත් ධනය තමන් සතුව නැති බව ඇතැම් දුප්පත් හා දිළිඳු සහාබාවරුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පැමිණිලි කර සිටියෝය. එමෙන්ම තමන් සලාත් ඉටු කරන අයුරින් ඔවුන්ද සලාත් ඉටු කරන බවත් තමන් උපවාසය රකින අයුරින් ඔවුන් ද උපවාසය රකින බවත් සැළ කරමින් ඔවුන්ගේ අමතර ධනයෙන් ඔවුන් දානමාන ඉටු කළ ද තමන් එසේ දානමාන කටයුතු සිදු නො කරන බවත් දන්වා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට දානමාන කටයුතු පිරිනැමීමට හැකි ප්‍රමාණයෙන් වූ ඇතැම් කටයුතු පෙන්වා දෙමින් මෙසේ පැවසූහ.: “නුඹලා පුණ්‍ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට නියම කර නොමැත්තේ ද? සැබැවින්ම නුඹලා "සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුවිශුද්ධය) යැයි පැවසීම නුඹලාට එමගින් දානයේ කුසල් හිමිකර දෙනු ඇත. එමෙන්ම නුඹලා "අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රෙෂ්ඨය) යැයි පැවසීම ද දානයකි. නුඹලා "අල්හම්දුලිල්ලාහ් (සියල පැසසුම් අල්ලාහ්ටය) යැයි පැවසීම ද දානයකි. නුඹලා "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැත) යැයි පවසීම ද දානයකි. යහපත විධානය කිරීම ද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීම ද දානයකි. නුඹලා අතරින් කිසිවකු හෝ තම බිරිද සමග සංසර්ගයේ නියැලීම ද දානයකි.” යැයි පවසා සිටියහ. එවිට ඔවුහු පුදුමයට පත්ව: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් කෙනෙකු ඔහුගේ කාමය සංසිදුවා ගැනීමට පැමිණෙයි. එහි දී ඔහුට කුසල් හිමි වන්නේ දැ?’යි විමසා සිටියෝය. එතුමාණෝ: කාමයේ වරදවා හැසිරෙමින් තහනම් කරන ලද දෑහි ඔහුගේ කාමය සංසිදුවා ගත්තේ නම්, එය බරපතල පාපයක් වන සේම එය අනුමත අයුරින් සිදු කළේ නම් ඔහුට කුසලක් හිමි වනු ඇත" යැයි පැවසූහ.

explain-icon

හදීසයේ හරය

  • යහපත් කටයුතු සම්බන්ධයෙන් සහාබාවරුන් එකිනෙකා සාකච්ඡා කර ඇත. උත්තරීතර අල්ලාහ් අභියසින් භාග්‍යය හා අතිමහත් කුසල් හිමි කර ගැනීමට ඔවුන් උනන්දු වී ඇත.
  • බොහෝ විවිධ යහපත් ක්‍රියාවන්, යහපත් චේතනාවෙන් හා යහපත් අරමුණකින් මුස්ලිම්වරයකු සිදු කරන සෑම ක්‍රියාවක්ම එය ඇතුළත් කර ගනී.
  • ඉස්ලාමයේ පවතින පහසුව, එහි ඇති සහනය. සෑම මුස්ලිම්වරයකු අල්ලාහ්ට අවනත වනු පිණිස ඔහු විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් සොයා ගනු ඇත.
  • නවවි තුමා මෙසේ පවසයි: සැබෑ චේතනාවකින් යුතුව සිදු කරනු ලබන අනුමත දෑ අවනතවීම් (නැමදුම්) බවට පත් වනු ඇත. සංසර්ගයේ නිරත වීම වනාහි, පුද්ගලයකු එමගින් ඔහුගේ බිරියගේ අයිතිය ඉටු කිරීම, උත්තරීතර අල්ලාහ් නියෝග කර ඇති පරිදි ඇය සමග යහපත් අයුරින් ජීවිත් වීම, එසේ නැතහොත් දැහැමි දරුවකු අපේක්ෂා කිරීම, තමන්ගේ පතිවත රැක ගැනීම, තම බිරියගේ පතිවත රැක ගැනීම, තහනම් දෑ දෙස බැලීමෙන් තමන් දෙදෙනාම වැළකී සිටීම, ඒ ගැන සිතීමෙන් හෝ එහි නිරත වීමෙන් වැළකී සිටීම හා වෙනත් දැහැමි අරමුණක් චේතනා කළ විට එය නැමදුමක් බවට පත්වනු ඇත.
  • උදාහරණ හා උපමා ගෙනහැර පෑම; එය ශ්‍රාවකයා තුළ වඩාත් පැහැදිළිභාවය හා බලවත් සේ ධාරණය කිරීමේ හැකියාව ඇති කරයි.
explain-icon

අමතර