කවරෙකු අල්ලාහ්ව මෙනෙහි කරන්නේ ද අල්ලාහ් ඔහුට ඉතා සමීපයෙන් සිටින බවත් ඔහුගේ සෑම කටයුත්තකදීම ඔහු සමගම සිටින බවත් ඔහුට ආශිර්වාද කර ඔහුට මඟපෙන්වා ඔහුගේ පැතුමට පිළිතුරු දෙන බවත් මෙම හදීසය පෙන්වා දෙයි. මෙම හදීසයේ අර්ථය තවත් හදීසයක මෙසේ වාර්තා වී ඇත. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පවසා ඇති බව ඉමාම් බුහාරි තුමා තම සහීහ් ග්රන්ථයේ මෙසේ දන්වා සිටියි: මාගේ ගැත්තා මා සිහිපත් කරන අයුරින් මම ද වෙමි. ඔහු සිහිපත් කරන විට මම ඔහු සමග වෙමි. ඔහු තුළ ඔහු මා සිහිපත් කරන්නේ නම් මා තුළම මම ඔහුව සිහිපත් කරමි. යම් පිරිසක් අතර මා සිහිපත් කරන්නේ නම් මමද ඔවුනට වඩා උතුම් පිරිසක් අතර ඔහුව සිහිපත් කරමි.