සැබැවින්ම තස්බීහ් පැවසීම එනම් අල්ලාහ් පිවිතුරු කරමින් කරන ප්රකාශය අල්ලාහ්ට වඩාත් ප්රිය මනාප බව මෙම හදීසය පෙන්වා දෙයි. සැබැවින්ම තස්හීබ් හන්නෙහි තේරුම පාරිශුද්ධ වූ අල්ලාහ්ට සුදුසු නැති උපමා කිරීම්, සමාන කිරීම්, අඩුපාඩු යන සියල්ලෙන් ඔහුව පිවිතුරු කිරීම හා භෞතිකවාදීන් විසින් ඔහුගේ නම් විකෘති කර පවසන සියලු දැයින් පිවිතුරු කිරීමය. ‘බිහම්දිහි’ යනුවෙන් කරන ප්රකාශ කිරීම වනාහි, සැබැවින්ම තස්බීහ් හෙවත් මෙම පිවිතුරු කිරීම පිළිගැනීමකි. ඔහුගේ ප්රශංසාව තුළින් ඔහු පිවිතුරුය. එහි ඔහු සතුව ආශිර්වාදය ඇත. ඒ අනුව තේරුම වනුයේ, ‘ඔහු මට කළ ඔහුගේ භාග්යය හේතුවෙන් ඔහුට මා කරන ප්රශංසාවෙන් බැදී මම ඔහුව පිවිතුරු කරමි’ යන්නයි. ‘සුබ්හානල්ලාහි වබිහම්දිහි’ යන ප්රකාශය අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාප ප්රකාශයක් වන්නේය. එය ඔහුව පිවිතුරු කිරීම සුවිශුද්ධ කිරීම සියලුම ආකාරයේ ප්රශංසාවන් එහි අන්තර්ගතව ඇති බැවිණි.