අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කවරෙක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් දිනකට සියවතාවක් පවසා සිටියේ ද ඔහුගේ වැරදි මුහුදු පෙණ මෙන් තිබුණ ද මකාදමනු ලැබේ." صحيح - متفق عليه
explain-icon

විවරණය

කවරෙක් දිනකට සිය වතාවක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් පැවසුවේ ද ඔහුගේ පාපකම් මුහුදු රළ නගන විට හා කැළඹීම් ඇතිවන විට මතු වන සුදු පෙණ මෙන් බහුලව තිබුණ ද ඒවා මකා දමා සමාව දෙනු ලැබේ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

explain-icon

හදීසයේ හරය

  • මෙම ප්‍රතිඵලය දිනක අඛණ්ඩව හෝ කඩකඩා හෝ මෙය කියවන තැනැත්තාට හිමිවනු ඇත.
  • තස්බීහ්: සුබ්හානල්ලාහ් යැයි පැවසීම යනු සියලු අඩුපාඩුවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීමය. තවද අල් හම්දු : අල්හම්දු ලිල්ලාහ් යැයි පැවසීම යනු ආදරය කරමින් සහ ගරුබුහුමන් දක්වමින් පූර්ණ ගුණාංගවලින් ඔහුව ගුණ ගායනා කිරීමය.
  • මෙම හදීසයේ අදහස, එය සුළු පාපයන්ට ප්‍රතිකර්මයක් වීමය. නමුත් මහා පාපයන් වනාහි, ඒවාට තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත විය යුතුය.