නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉදිරියේ තමන් සිටින තත්ත්වයේ නොව (එතැනින් බැහැර වූ විට) ඊට වෙනස් තත්ත්වයක තමන් සිටින බවට හන්ළලා තුමා අබූ බක්ර් අස් සිද්දීක් -රළියල්ලාහු අන්හු- තුමාට දැනුම් දුන්හ.එනම්,ඔවුන් අල්ලාහ්ව මෙනෙහි කරන විට එක් තත්ත්වයක සිටියද ඔවුන් තම දරුවන් බිරියන් හා මෙලොව කටයුතුවලදී මුසු වන විට ඔවුන්ගේ තත්ත්වයන් වෙනස් වන බවයි. එයෙින් ඔහු එය කුහකත්වය ලෙස සිතූවෙය. ඇත්තෙන්ම කුහකත්වයේ සැබෑ ස්වරූපය වනුයේ, ඇතුළාන්තයේ ඇති තත්ත්වයක් නොවන වෙනත් තත්ත්වයක් හෙළි දැක්වීමය. මෙය ඔවුන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටි කල්හි, එතුමා ඔවුනට, “මා අබියස ඔබ සිටියදී ඇති තත්ත්වය මත නිරතුරුවම සිටින්නෙහු නම් මලක්වරු ඔබ වෙත අත් දිගු හරිනු ඇත. එය ඔබේ සෑම අවස්ථාවකම සිදු වේ. නමුත් මධ්යස්ථව කටයුතු කිරීම අවශ්යය. හෝරාවක් තම පරමාධිපතිට, සහ හෝරාවක් තම පවුල හා තමන්ගේ ලෝකයට යන්නෙන් වෙන්කර ගත යුතුය“ යැයි පැවසුහ.