සලාතය සඳහා අදාන් පවසන මුඅද්දින් වරයාට සවන් දුන් කෙනෙකු ඔහුගෙන් පසුව ඔහුගේ ප්‍රකාශ හා සමානව පවසා ඊට ප්‍රතිචාර දක්වන මෙන් ද 'හය්යඅල' යන පද දෙකෙහි 'ලා හව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහ්' යැයි පවසා ප්‍රතිචාර දක්වන මෙන් ද අදාන් අවසන් වූ පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් පවසන මෙන් ද එසේ කවරෙකු එතුමාණන් වෙත එක් සලවාතයක් පවසන්නේ ද ඒ හේතුවෙන් ඔහුට අල්ලාහ් දසවාරයක් සලවාත් පවසනු ඇතැයි ද එතුමාණෝ මඟ පෙන්වූහ. අල්ලාහ් තම ගැත්තන් හට සලවාත් පැවසීම යනු මලාඉකාවරුන් ඉදිරියේ ගැත්තා ගැන ඔහු අගය කිරීමය. පසුව එතුමාණන් වෙනුවෙන් වසීලතය අල්ලාහ්ගෙන් පතන මෙන් එතුමාණෝ නියෝග කළහ. එය ස්වර්ගයේ වූ නිලයකි. එය උසස් නිලයකි. උත්තරීතර අල්ලාහ්ගේ සමස්ත ගැත්තන් අතරින් එක් ගැත්තෙකුට හැර එම නිලය ගැළපෙන්නේ නැත, සුදුසු වන්නේ නැත. එම ගැත්තා මා විය යුතු යැයි මම අපේක්ෂා කරමි යැයි එතුමාණෝ පැවසූහ. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය පවසා සිටියේ නිහතමානීවය. එම උසස් නිලය එක් අයකුට හැර වෙනත් කිසිවකුට නොවන්නේ නම්, එම නිලය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හැර වෙනත් කිසිවකුට විය නොහැක. හේතුව සැබැවින්ම එතුමාණන් මැවීම් අතරින් වූ ශ්‍රේෂ්ටතම මැවීම වන බැවිනි. පසුව කවරෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් 'වසීලාව' පැතුවේ ද ඔහුට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆාඅත් හෙවත් මැදිහත්වීම ලැබෙනු ඇත.