අල්ලාහ්ව අධිකව මෙනෙහි කරන්නන්ගේ නිලය ගැනත්, සැබැවින්ම ඔවුන් හුදෙකලා වී ස්වර්ග උයහන්හි උසස් නිලයන් ලබමින් සෙසු අයට වඩා පෙරටුගාමීන් වන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. එමෙන්ම සෙසු කඳුවලින් වෙන්වී ඇති ජුම්දාන් කන්ද ඔවුනට උපමා ලෙස ගෙන හැර දැක්වූහ.