නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: "කවරෙකු පහත සඳහන් පරිදි කියවන්නේ ද එනම්": "ලා ඉලාහ" නැමදුමට සුදුස්සු කිසිවෙකු නැත. "(ලාඉලාහ) ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ," අල්ලාහ් හැර. ඔහුගේ දේවත්වය ඔහුගේ පරිපාලනය, ඔහුගේ නාම හා ගුණාංගවල ඔහු ඒකීයය. එහි ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. "ලහුල් මුල්කු" සියලු කටයුතු සැළසුම් කරන්නේ හා ක්‍රියාත්මක කරන්නේ ඔහු ය. "වලහුල් හම්දු" ඔහු මැවූ හා සැළසුම් කළ සියලු කටයුතු සඳහා ප්‍රශංසාව හිමි විය යුත්තේ ඔහුට ය. "වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" ඔහු සියලු දෑ කෙරෙහි බලය දරන්නාය. බාධා කරන හෝ වළක්වන කිසිවකු නැත. ඔහු නොසිතුවේ නම් කිසිවක් සිදු වන්නේ ද නැත. කවරෙකු මෙම දික්රය දිනකට සිය වාරයක් පවසන්නේ ද ඔහු වහලුන් දස දෙනෙකු නිදහස් කළ අයකු සතු කුසල් මෙන් අල්ලාහ් අබියස ලියනු ලැබේ. එමෙන්ම ස්වර්ගයේ කුසල් හා නිලයන් සියයක් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලැබේ. පාපකම් සියයක් ඔහුගෙන් ඉවත් කර ඒවාට සමාව දෙනු ලැබේ. එදින හිරු අවරට යාමෙන් හවස් වන තුරු ෂෙයිතාන්ගේ බලපෑම් හා ආධිපත්‍යයෙන් ආරක්ෂාව, රැකවරණය ඔහුට හිමි වනු ඇත. මීට වඩා අධික යමක් සිදු කරන්නෙකු මිස මීට වඩා උතුම් දෙයක් සමග මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකු ගෙන එන්නේ නැත.