අල්ලාහ්ව මෙනෙහි කරන අය අතර හා ඔහුව මෙනෙහි නො කරන අය අතර වෙනස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිළි කළහ. එම වෙනස ප්‍රයෝජනවත්භාවය හා බාහිර පෙනුමෙහි ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ වෙනස මෙනි. තම පරමාධිපතිව මෙනෙහි කරන්නාට උපමාව තම බාහිර පෙනුම ජීවිතයේ ආලෝකයෙන් අලංකාරවත් වූ ඔහුගේ අභ්‍යන්තරය දැනුමේ ආලෝකයෙන් අලංකාරවත් වූ ජීවී අයකුගේ උපමාව මෙනි. එහි ඔහුට ප්‍රයෝජනය ඇත. අල්ලාහ්ව මෙනෙහි නොකළ අයකුට උපමාව ඔහුගේ බාහිරය නිෂ්ඵල වූ හා ඔහුගේ අභ්‍යන්තර ශුන්‍ය වූ මිය ගිය අයකුගේ උපමාව මෙනි. එහි කිසිදු ප්‍රයෝජනයක් නැත. එමෙන්ම අල්ලාහ්ව මෙනෙහි කරමින් වාසය කරන මිනිසුන් සිටින නිවස ජීවී අයකුට උපමා කළේය. එසේ නොවී නම්, එනම් එහි වැසියන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් අක්‍රීයව සිටින බැවින් එය මළ ගිය නිවසක් මෙනි. ජීවත්ව සිටින අය හා මිය ගිය අය නිවස සමග උපමා කිරීමෙන් අදහස් කරනුයේ නිවසේ වාසය කරන්නන් සම්බන්ධව ය.