වියදම් කිරීමේ ස්වරූපයන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර ඇති අතර ඒවා අධික වූ විටෙක ඔබට වඩාත් අනිවාර්යය වන පරිදි වියදම් කිරීමේ වඩාත් උචිත ආකාරය පෙළගස්වා දී ඇත. එබැවින් වඩාත් වැදගත් දැයින් ආරම්භ කර, පසුව වඩාත් වැදගත් දෑ වෙනුවෙන් වියදම් කළ යුතු වේ. ධනයෙන් වඩාත් අධික කුසල් හිමිකර දෙන වියදම නම්, තම බිරිය හා දරුවන් වැනි තමන්ගෙන් යැපෙන්නන් හට මුස්ලිම්වරයකු කරන වියදම වේ යැයි එතුමාණන් දන්වා ඇත. පසු ව අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා සූදානම් කර තබා ඇති ප්‍රවාහනික සත්වයා කෙරෙහි කරන වියදමයි. පසුව අල්ලාහ්ගේ මාර්ගයේ වෑයම් කරන තම මිතුරන් හා සගයින් වන මුජාහිදීන්වරු කෙරෙහි කරන වියදමයි.