අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයේ ඇතුළත්ව ඇති සිද්ධිය සුභපැතුම් හා ශුභාරංචි දැන්වීමේ මාතෘකාව යටතේ පෙළ ගැසුනු කතාවකි. මෙම මහඟු කතාවෙහි සාරාංශය නම්, සැබැවින්ම එතුමා මරණාසන්නයේ සිටියදී එතුමා හමුවට එතුමාගේ මිතුරන් කිහිප දෙන පැමිණ ඇත. එවිට එතුමා දැඩිසේ හඬන්නට විය. එතුමාගේ මුහුණ බිත්තිය දෙසට හරවා ගත්තේය. එතුමා මෙලොවෙන් වෙන් වන්නට මරණාසන්න මොහොතේ පසුවිය. එවිට එතුමාගේ පුත් එතුමාට: ‘ඔබ අඩන්නේ ඇයි? සැබැවින්ම ස්වර්ගය ඔබට හිමි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබට ශුභාරංචි දන්වා ඇත. එවිට එතුමා: මාගේ පුතණුවනි, සැබැවින්ම මම ස්ථාවර තුනක පසුවූයෙමි. පසුව එම ස්ථාවර තුන මෙනෙහි කළේය. සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කෙරෙහි දැඩි සේ කෝප වන්නෙකු විය. ඔහු එතුමා කෙරෙහි කෝප වූවා සේ කෝප වූ වෙනත් කිසිවකු මහපොළොවේ නැති තරම්ය. තමන්ට අවස්ථාවක් ලැබුණේ නම් එතුමාව මරා දමන්නට පවා ප්රිය කළේය. මෙය දේව ප්රතික්ෂේපයේ උච්චතම අවස්ථාවයි. අවසානයේ අල්ලාහ් ඔහුගේ සිත තුළට ඉස්ලාමය පහළ කළේය. පසුව හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඔබේ අත දිගු කරන්න මම ඉස්ලාමය ගැන ඔබට ප්රතිඥා දෙමි’ යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උදාර ගතිගුණවලින් පිරී සිටි බැවින් එතුමාගේ අත දිගු කළහ. නමුත් අම්ර් අල් ආස් තම අත මොලවා ගත්තේය. එය අහංකාරයෙන් නොව එතුමා මෙනෙහි කරන්නට යන දෑ ගැන තහවුරු කර ගැනීමක් වශයෙනි. පසුව එතුමා: “ඔබට කුමක් වීදැ?යි’ විමසූහ. ඔහු අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම (ඉස්ලාමය පිළිගැනීමට) කොන්දේසියක් පනවමි. යැයි පැවසීය. එතුමා “ඔබ කොන්දේසි වශයෙන් පනවනුයේ කුමක්ද?” යැයි විමසීය. ඔහු: මීට පෙර සිදු වූ දේව ප්රතික්ෂේපයට හා පාපකම්වලට අල්ලාහ් මට සමාව පිරිනැමිය යුතුයි යන කොන්දේසියයි. ඔහුට තිබූ බලවත්ම බලාපොරොත්තුව වූයේ එයයි. එසේ අල්ලාහ් තමන්ට සමාව දිය යුතු යැයි කොන්දේසිය පැනවීය. සැබැවින්ම අල්ලාහ් ඔහු පෙර කළ දෑට කිසිවිටෙක සමාව නොදෙනු ඇතැයි ඔහු සිතුවේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම ඉස්ලාමය ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කරන බවත් හිජ්රතය ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් යන කරුණු තුන පැවසූහ. “සැබැවින්ම ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර ගිය දෑ සඳහා ඔහු ඔවුනට සමාව දෙන බවත් ඔවුන් නැවත හැරුණේ නම් මුතුන්මිත්තන්ගේ (විනාශයේ) න්යායය සිදුව ඇති බවත් දේවත්වය ප්රතික්ෂේප කළවුනට නබිවරය නුඹ පවසන්න.” යන අල් කුර්ආනයේ ඇති මූලාශය අනුව ඉස්ලාමය ඊට පෙර පැවති දෑ විනාශ කර දමනු ඇත. හිජ්රතය වනාහි, මිනිසා දේව ප්රතික්ෂේපයෙන් පිරුණු, තමන් ජීවත් වූ ප්රදේශයෙන් නික්ම ගිය විට ඊට පෙර පැවත සියලු දෑ විනාශ කර දමනු ඇත. හජ් වන්දනාව වනාහි, ඊට පෙර පැවති දෑ විනාශ කර දමයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඒ ගැන මෙසේ පවසා ඇත්තාහ. ‘කවරෙකු හජ් වන්දනාව ඉටු කර පාපී වදනක් හෝ පාපී ක්රියාවක් හෝ සිදු නොකොට නැවත හැරෙන්නේ ද ඔහු තම මව තමන්ව බිහිකළ දිනයේ තත්ත්වය හා සමානය.” පසුව රළියල්ලාහු අන්හු තුමා ප්රතිඥා දුන්නේය. මිනිසා ඔහුට ප්රිය කරන තරමටම දැඩි සේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ප්රිය කරන්නෙකු වූහ. ඔහු විෂයයෙහි නිරීක්ෂණය කිරීම සීමා කිරීමට තරම් ඔහුට නොහැකි විය. එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කෙරෙහි වූ කීර්තිය හේතුවෙනි. හදවත් වෙනස් කරන්නාණනි. පෙර දින දැඩි කෝපයෙන් එතුමාව ඝාතනය කිරීමට ආශා කළ ඔහු දැන් එතුමාට හිමි කීර්තිය හේතුවෙන් එතුමා දෙස ඇස්කොන් ඔසවා බැලීමට හෝ එතුමාව ගුණගායනා කිරීමට හෝ අපොහොසත් වී ඇත. ඊට හේතුව එතුමාණන් හොදින් ග්රහණය කරන තරමට එතුමා ගැන ඔහු නොදැන සිටි බැවිනි. එය එතුමාණන්ට දැක්වූ ගෞරව බිය හේතුවෙන් විය. සැබැවින්ම තමන් මුල් තත්ත්වයේ මිය ගියේ නම් තමන් නිරා වාසීන් අතරට පවත්වන්නට තිබුණු බව පවසා සිටි අතරම තමන් මේ තත්ත්වයේ එනම් දෙවන තත්ත්වයේ සිටියදී මිය ගියේ නම් තමන් ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු වීමට ආශා කළ බව ද පවසා සිටියේය. එතුමාණන්ගේ ප්රවේසමේ තරම හොදින් නිරීක්ෂණය කරන්න. සැබැවින්ම තමන් පළමු තත්ත්වයේ මිය ගියේ නම් තමන් නිරාවාසීන් අතරට පත් වන බව තිරසාර ලෙස විශ්වාස කළේය. ඒ අනුව එතුමා ඒ ගැන දැඩි බියෙන් පසුවීය. තමන් මේ තත්ත්වයේ මිය ගියේ නම් මම ස්වර්ගවාසීන් අතරින් වන්නට අපේක්ෂා කළෙමි යැයි පවසා ඇත්තේය. නමුත් එතුමා මම ස්වර්ග වාසීන්ගෙන් කෙනෙක් වීමි යැයි නොපැවසුවේය. ඊට හේතුව ස්වර්ගය පිළිබඳ සාක්ෂිය වඩාත් අපහසුම කරුණක් වන බැවිණි. පසුව රළියල්ලාහු අන්හු තුමාට පාලනය නායකත්වය වැනි කරුණු බොහෝමයක භාරකාරත්වය පිරිනමන ලදී. මුආවියාගේ සටන හා බැඳුනු කතා වස්තුවෙහි සිදු වූ දෑ ද සිදු විය. එමෙන්ම අම්ර් ඉබ්නු අල් ආස් තුමා අරාබිවරුන් අතරින් වඩාත් බුද්ධිමත් හා වඩාත් නුවණැති අයකු ලෙස ප්රචලිත විය. එතුමා මෙසේ පැවසීය: මධ්යස්ථභාවයෙන් පසු මාගේ ක්රියාව ආවරණය කිරීමට කටයුතු කළ අයට බිය වෙමි යැයි පැවසීය. පසුව තමන් මිය ගිය පසුව හඬා වැළපෙන අය තමන් පසුපසු නොපැමිණිය යුතු යැයි උපදෙස් දුන්නේය. එනම් පරවියන්ගේ කෑ මොර හඩ මෙන් මිය ගිය ඇත්තන් වෙනුවෙන් මොර හඩ දී අඩන කාන්තාවන්ය. තවදුරටත් තමන්ව වළ දැමූ පසු ඔටුවෙකු කපා එහි මාංශ බෙදා හරින තරමට තමන්ගේ මිනීවල අසළ රැඳී සිටින මෙන් ද නියෝග කළේය. එය තම පරමාධිපතිගේ දූතවරු සමාලෝචනය කරන තුරුය. ඔවුහු දේහය වළ දැමූ විට ඒ වෙත පැමිණෙන මලක්වරුය. සැබැවින්ම දේහයක් වළ දැමූ විට සුර දූතවරුන් දෙදෙනෙකු පැමිණ ඔහුගේ මිනී වළ අසළ වාඩි වී ‘ඔබේ පරමාධිපති කවුද? ඔබේ දහම කුමක් ද? ඔබේ නබිවරයා කවුරුන්ද? යනාදී ප්රශ්න තුනක් ඔහුගෙන් විමසා සිටියි. පසුව අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා තම පවුලට ඔවුන් සමග ඇසුරු කිරීම පිණිස ඔටුවකු කපා එහි මාංශ බෙදා හරින්නට යන කාල ප්රමාණයක් රැදී සිටින මෙන් ද නියෝග කළේය. සැබැවින්ම මිය ගිය ඇත්තන් තම පවුල ගැන හැඟීමෙන් සිටින බව මෙය පෙන්වා දෙයි. එය තහවුරු කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හදීසයක් මෙසේ සඳහන් වී ඇත. සැබැවින්ම මිය ගිය ඇත්තෙකු වළ දමා ගියවුන්ගේ පාවහන් තබන හඬට සවන් දෙයි. එනම් මෘත දේහය වළ දමා පැමිණෙන විට එම මෘත දේහය සිහින් පාවහන් හඬට සවන් දෙනු ඇත යන්නයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් ප්රකාශ කළ බවට හසන් තුමා වාර්තා කළ හදීසයක මෙසේ පවසා ඇත. සැබැවින්ම මියගිය ඇත්තෙකු වළ දැමූ විට ඒ අසළ එතුමා රැදී සිටියහ. “නුඹලාගේ සහෝදරයා වෙනුවෙන් පාපක්ෂමාව අයදින්න. ඔහු වෙනුවෙන් ස්ථාවරත්වය පතන්න. සැබැවින්ම දැන් ඔහුගෙන් ප්රශ්ණ කරනු ඇත.” යැයි පැවසූහ. ඒ අනුව දේහයක් වළ දැමූ විට එම මිනී වල අසල රැඳී සිට ‘අල්ලාහුම්ම සබ්බිත්හු’, ‘අල්ලාහුම්ම සබ්බිත්හු’, ‘අල්ලාහුම්ම සබ්බිත්හු’ (අහෝ අල්ලාහ් ඔහුට ස්ථාවරත්වය දෙනු මැනව!) ‘අල්ලාහුම්මග්ෆිර් ලහූ’, ‘අල්ලාහුම්මග්ෆිර් ලහූ’, ‘අල්ලාහුම්මග්ෆිර් ලහූ’ (අහෝ අල්ලාහ් ඔබ ඔහුට සමාව දෙනු මැනව!) යැයි පැවසීම සතුටු දායකය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාම් පවසන විට තුන්වරක් සලාම් පවසා සිටි අතර ප්රාර්ථනා කරන විට ද තුන්වරක් ප්රාර්ථනා කරන්නෙකු වූ බැවිණි. සාරාංශය වනුයේ සැබැවින්ම අම්ර් ඉබ්නු අල් ආස්ගේ පුතනුවන් ‘ස්වර්ගය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබට ශුභාරංචි දන්වා ඇති බව ඔහුට පවසා සිටීමය. මෙය යහපත ගැන වූ සුභාරංචි අතරින් මෙන්ම සැබ පැතුම් අතරින් වඩාත් උචිත කරුණකි.