දහවල් කාලයේ හා රාත්‍රි කාලයේ අනිවාර්යය කරන ලද පස්වාර සලාත් ද, සෑම සතියකම පවත්වනු ලබන ජුමුආ සලාතය ද, සෑම වසරකම රකින උපවාසය ද ඒවා අතර සිදුවන සුළු පාපකම් සඳහා ඒවා ප්‍රතිකර්ම වනු ඇත. නමුත් මහා පාපයන්ගෙන් වැළකී සිටීම කොන්දේසියක් බවට පැනවේ. කාමයේ වරදවා හැසිරීම, මත් පැන් පානය වැනි මහා පාපයන් තව්බා නොහොත් පාපොච්ඡාරණය කර සමාව අයැදීමෙන් පසුව මිස සමාව දෙනු නොලැබේ.