බිරියන්ට පහර දීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පසුව මුඃමින්වරුන්ගේ පාලකයකු වන උමර් (රළියල්ලාහු අන්හු) තුමා පැමිණ මෙසේ පැවසීය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් කෙරෙහි ධෛර්ය සම්පන්න වී ඇති අතර ඔවුන්ගේ සදාචාරය ද දූෂිත වී ඇත. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන් සැමියාගේ අයිතිවාසිකම් ඉටු කිරීමෙන් වැළකී සිටීම, ඔහුට අකීකරු වීම යනාදී හේතුවක් දුටු විටෙක, තුවාල සිදු කිරීමකින් තොරව පහර දීමට අවසර ලබා දුන්හ. පසුව බොහෝ කාන්තාවන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියන් හමුවට පැමිණ තම ස්වාමිපුරුෂයන් තුවාල ඇති කරන තරමට පහර දෙන බව පැමිණිලි කළෝය. මෙම අවකාශය ක්‍රියාවට නැංවීමේ නපුරු ප්‍රතිඵල මෙය විය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: තුවාල වන තරමට කාන්තාවන්ට පහර දෙන ස්වාමිපුරුෂයන් ඔබ අතරින් දැහැමි අය නොවේ.