මිය ගිය ඇත්තන්ට දොස් නැගීම, ඔවුන්ගේ මාන්‍යය කෙළසෙන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කරයි. සැබැවින්ම එය දුෂ්චරිත අතරින්ය. ඔවුන් ඉදිරිපත් කළ ධර්මිෂ්ඨ හෝ අධර්මිෂ්ඨ ක්‍රියා වෙත ඔවුන් ළඟා වී ඇත. එමෙන්ම නගන දොස් ඔවුන් වෙත ළඟා වන්නේ ද නැත. සැබැවින්ම එමගින් වේදනා විඳිනුයේ ජීවතුන් අතර සිටින්නෝ වෙති.