අයුතු ලෙස මුස්ලිම්වරුන්ගේ සම්පත් අතර ගනුදෙනු කරන ඇතැම් මිනිසුන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. ඔවුහු කිසිදු සාධාරණත්වයකින් තොරව ඒවා ලබා ගනිති. මෙය අදාළ නොවන ස්ථානයකින් ධනය රැස් කිරීම හා ඉපැයීම, සුදුසු නොවන තැන්වලට වියදම් කිරීම සම්බන්ධයෙන් වූ පොදු අර්ථයකි. මෙම අර්ථය තුළට අනාථයින්ගේ වස්තුව ගිල දැමීම, වක්ෆ් හෙවත් පොදු දේපළ ගිල දැමීම, වගකීමෙන් පැවරූ දෑ පැහැර හැරීම, පොදු අරමුදල්වලින් අයුතු ලෙස පරිහරනය කිරීම යනාදිය ද ඇතුළත් වේ. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ සැබැවින්ම ඔවුන්ගේ ප්‍රතිඵලය අපා ගින්න බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.