නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "ඔබ කැමති ආහාර පාන පරිභෝජනය කිරීමේ නිදහස ඔබට තිබෙනවා නොවේ ද? නමුත් තම කුස පුරවා ගැනීමට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක මම ඔබේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දැක ඇත්තෙමි.” صحيح - رواه مسلم
explain-icon

විවරණය

නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා: "මිනිසුන් ආශිර්වාද තුළ සිටිති. ඔවුන් තමන් කැමති ප්‍රමාණයකින් ආහාර පාන පරිභෝජනය කරමින්ම සිටිති" යැයි පවසා; පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තත්ත්වය පිළිබඳ දන්වා සිටියේය. "සැබැවින්ම එතුමාණන්ට කුස ගිනි තිබුණ ද එතුමාණන්ගේ කුස පුරවා ගන්නට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක එතුමාණන් පසුවනු මම දැක ඇත්තෙමි."

explain-icon

හදීසයේ හරය

  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සරලභාවය ගැන විස්තර කිරීම.
  • මෙලොවෙහි සරල ජීවිතයක් ගත කරන්නට හා ආශාවන් අඩුකර ගැනීමට උනන්දු කිරීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදීම.
  • මිනිසුන් සතුව ඇති සුවපහසුකම් පිළිබඳ ඔවුනට මතක් කර දීම හා ඒ සඳහා අල්ලාහ්ට තුතිවන්ත වීමට දිරි ගැන්වීම.
explain-icon

අමතර