ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ කරුණු දෙකක් සිහිපත් කළහ. පළමුවැන්න: දිළිඳුන් හට අධිකව ආහාර සැපයීමය. එහි සදකා නම් දානය, පරිත්‍යාග, ආගන්තුක සත්කාර හා විවාහ සංග්‍රහය යනාදිය ඇතුළත් වේ. සාගින්නෙන් පෙළෙන අවස්ථාවල හා ජීවන වියදම ඉහළ යන අවස්ථාවල එසේ ආහාර සැපයීම වඩාත් උතුම් වේ. දෙවැන්න: ඔබ හඳුනන හා නාඳුනන සෑම මුස්ලිම්වරයකුටම සලාම් පැවසීම.