ජනයා අතුරින් ශ්රේෂ්ඨ එමෙන්ම ඔවුන් අතුරින් අල්ලාහ්ට අවනත වීමෙන් වඩාත් සමීප අය වනාහි තම සහෝදරයාට සලාම් පැවසීමෙන් යුහුසුළු වන අය වෙති. හේතුව අල්ලාහ් ඉදිරියේ ඇති දෑ පිළිබඳ ආශාවෙන් යුතුව අවනත වීමට මුලපුරා ඒ වෙත යුහුසුළුව කටයුතු කළ බැවිනි. එවිට ඔහු ජනයා අතුරින් වඩාත් උතුම් ඔවුන් අතුරින් අල්ලාහ්ට වඩාත් යටහත් පුද්ගලයකු බවට පත් වෙයි.