මුඃමින්වරුන්ගේ මෑණියක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ දන්වන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනතාවට යම් ක්‍රියාවක් කිරීමට අණ කළ විටෙක, ඔවුන්ට කිරීමට දුෂ්කර නොවන පහසු ක්‍රියාවන් කිරීමට නියම කළහ. එය ඔවුන් අඛණ්ඩව එහි රැඳී සිටීමට අපොහොසත් වේවි යැයි බිය හේතුවෙනි. එමෙන්ම එතුමාණන් ඔවුන්ට අණ කරන දේ පහසුවෙන් කිරීමට හැකිවීම ගැන සැලකිල්ලට ගනිමිනි. නමුත් ඔවුන් එතුමාණන්ට වඩා පහළින් ඇති තම නිලයන් ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ කාර්යය අතිශයෝක්තියට නැංවිය යුතු බව විශ්වාස කළ බැවින් ඔවුන්ට දුෂ්කර කාර්යයන් පවරන ලෙස එතුමාණන්ගෙන් ඉල්ලා සිටියහ. එවිට ඔවුහු මෙසේ විමසූහ, "අල්ලාහ්ගේ දූතයාණෙනි! අගේ තත්ත්වය ඔබගේ තත්ත්වය මෙන් නොවේ. මක්නිසාදයත් සැබැවින්ම අල්ලාහ් ඔබ පෙර කළ (ඔබගේ අතීත) සහ ඔබ පසුවට කරන (ඔබගේ අනාගත) පාපවලට සමාව දී ඇති බැවිනි. එවිට එතුමාණන්ගේ මුහුණෙන් කෝපය දිස්වන තරමට එතුමාණෝ කෝපයට පත්වූහ. පසුව මෙසේ පැවසූහ. "ඔබ අතරින් මම අල්ලාහ්ට වඩාත්ම බිය බැතිමත් අය වෙමි, ඔබ සැමට වඩා අල්ලාහ් පිළිබඳව හොඳින් දන්නා මම වෙමි. එබැවින්ම මම කවර කරුණක් ඔබට නියෝග කළේ ද එය ඔබ ක්‍රියාත්මක කරන්න."