සහාබාවරු කිහිප දෙනෙක් ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. එවිට ඔහු ගැන යහපතත්, ඔහු අල්ලාහ්ගේ දහම මත ස්ථාවරව සිටිය බවත් සාක්ෂි දැරුවෝය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන්ගේ අගය කිරීමට සවන් දුන් කල්හි එතුමාණෝ ‘එය නියම විය’ යැයි පැවසූහ. පසුව, තවත් ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. නමුත් ඔහු අයහපත කියමින් ඔවුහු සාක්ෂි දැරුවෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘එය නියම විය.’ යැයි පැවසූහ. පසුව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ‘එය නියම විය’ යනුවෙන් එම ස්ථාන දෙකෙහි කළ ප්රකාශයෙහි තේරුම කුමක්දැ?යි විමසා සිටියේය. සැබැවින්ම ඔබ කවරෙකුට යහපත, දැහැමිභාවය හා ස්ථාවරභාවය සම්බන්ධයෙන් සාක්ෂි දැරුවෙහු ද ඔහු ස්වර්ගය නියම වූ අයෙකි. එමෙන්ම කවරෙකු සම්බන්ධයෙන් නපුර කතා කරමින් සාක්ෂි දැරුවෙහු ද ඔහු අපා ගින්න නියම වූ අයෙකි. ඇතැම් විට කුහකත්වය හෝ වෙනත් යම් කරුණකින් ඔහු ප්රචලිත වී තිබෙන්නට පුළුවන. පසුව සැබැවින්ම සත්යය, භාග්යවන්ත හා දැහැමි ජනයා කවරෙකු සම්බන්ධයෙන් ඔහුට ස්වර්ගය හිමිය යැයි හෝ නිරය හිමිය යැයි හෝ සාක්ෂි දැරුවෝ ද සැබැවින්ම ඔහු එලෙසම වනු ඇත.