නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සහගාමීන් අතර පරිපූර්ණ වාක්‍යය පහක් දේශනා කරන්නට නැගිට සිටියහ. ඒවා නම්: පළමුවැන්න: සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත යන වගයි. දෙවැන්න: ඔහුගේ පැවැත්ම තුළ නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත. එය ඔහුගේ පරමාධිපත්‍යයේ සහ ජීවිතයේ පරිපූර්ණත්වය නිසා ය. තුන්වැන්න: සැබැවින්ම උත්තරීතර ඔහු තමා වෙත නැඟී සිටින ගැත්තන්ගේ ක්‍රියාවන් අතරින් කිරා මැන බලන දේට අනුව සහ පොළොවට බැස යන ඔවුන්ගේ සැපයුම්වලින් කිරා මැන බලන දේට අනුව තරාදිය උස් පහත් කරයි. එබැවින් සෑම ජීවියෙකුට සපයනු ලබන ඔහුගේ කොටස සහ පංගුව සුවිශුද්ධයාණන් වන ඔහු පහත් කර එය හිඟ කරයි. ඇතැම් විට එය ඉහළ නංවා එය පුළුල් කරයි. සිව්වැන්න: ගැත්තන් විසින් රාත්‍රියේ සිදු කරන ක්‍රියාවන්, ඉන් පසු පැමිණෙන දහවලට පෙර ඔහු වෙත ඉහළට ඔසවනු ලැබේ. එමෙන්ම දහවලේ සිදු කරන ඔවුන්ගේ ක්‍රියාවන්, ඉන් පසු පැමිණෙන රාත්‍රියේ ක්‍රියාවට පෙර ඉහළට ඔසවනු ලැබේ. ආරක්ෂක මලක්වරු රාත්‍රියේ සිදු කරන ක්‍රියාවන්, එය ගෙවී ගිය වහාම දහවල් ආරම්භයේ ඉහළට ගෙන යති. එමෙන්ම දහවලේ සිදු කරන ක්‍රියාවන්, එය ගෙවී ගිය වහාම රාත්‍රිය ආරම්භයේ ඉහළට ගෙන යති. පස්වැන්න: අල්ලාහ්ව දැකීමෙන් වළක්වාලන ඔහුගේ ආවරණය ආලෝකයයි. එසේ නැතහොත් ගින්නයි. ඔහු නිරාවරණය වූයේ නම් ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ මැවීම් අතරින් ඔහුගේ දෘෂ්ටියට ළඟා වන සියලු දෑ පුළුස්සා දමනු ඇත. ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ ආලෝකය, ඔහුගේ කීර්තිය හා ඔහුගේ මහිමයයි: ඔහුගේ දර්ශනය වළක්වන බාධකය වන වැස්ම ඉවත් කර, ඔහුගේ මැවීම් ඉදිරියේ ඔහු පෙනී සිටියහොත්, ඔහුගේ මුහුණේ දීප්තිය ඔහුගේ මැවීම් අතුරින් ඔහුගේ ඇසට හසුවන සෑම දෙයක්ම එනම් සියලුම මැවීම් දවාලනු ඇත. මන්ද උත්තරීතර සුවිශුද්ධයාණන් වන ඔහුගේ බැල්ම, සියලු ජීවීන් ආවරණය කරන්නක් වේ.