කතාදා (රහිමහුල්ලාහ්) තුමා විසින් වාර්තා කරන ලදී. අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක්, "අල්ලාහ්ගේ නබි තුමනි! කාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු) ඔහුගේ මුහුණ මත රැස්කරනු ලබන්නේද?" නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “මෙලොවදී ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ තැනැත්තාට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්විය හැකි නොවේද?” යැයි විමසූහ. කතාදා තුමා: 'අපගේ පරමාධිපතිගේ බලයෙන් එසේය.' යැයි පැවසීය. صحيح - متفق عليه
explain-icon

විවරණය

කාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු) ඔහුගේ මුහුණ මත රැස්කරනු ලබන්නේ කෙසේදැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට නබි තුමාණෝ: “මෙලොවෙහි ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ අයට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්වීමේ බලය නොමැත්තේ ද?" යැයි විමසූහ. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.

explain-icon

හදීසයේ හරය

  • මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරයාගේ අවමානය. සැබැවින්ම ඔහු මුණින් අතට ගමන් කරනු ඇත.
explain-icon

අමතර