තුෆෙය්ල් ඉබ්නු කඃබ් තුමා නිතර ඉබ්නු උමර් තුමා වෙත පැමිණ එතුමා සමග වෙළඳපොළෙට යයි. තුෆෙයිල් තුමා මෙසේ පවසයි : අපි වෙළඳපොළට පිවිසුණු විට, බිම වැටී ඇති දෑ, වෙළඳාම් කරන කිසිවකු හෝ වේවා - එනම් බිම වැටී ඇති නොවටිනා දෑ වෙළඳාම් කරන වෙළඳුන්ය - වටිනා දෑ වෙළදාම් කරන කිසිවකු හෝ වේවා -එනම් අධික වටිනාකමින් යුත් භාණ්ඩ විකුණන වෙළඳුන්ය-තවද දුගියකු හෝ වෙනත් කිසිවකු හෝ වේවා එතුමා ඔහු අසළින් ගමන් කරන විට ඔහු වෙත සලාම් පැවසීමෙන් මිස පසුකර නොයයි. එනම් එතුමා හමුවන කුඩා දරුවන්, වැඩිහිටියන්, පොහොසතුන් හා දිළින්ඳුන් යන සියලු දෙනාට සලාම් පවසන්නෙකු වූහ. තුෆය්ල් තුමා මෙසේ පවසයි: “දිනක් ඉබ්නු උමර් තුමා වෙත මම පැමිණියෙමි. එනම් යම් හේතුවක් සඳහා පැමිණියෙමි. එවිට එතුමා මා සමග වෙළඳපොළට යෑමට මගෙන් ඉල්ලා සිටියහ. එවිට මම ඔහු දෙස බලා: වෙළඳපොළෙහි ඔබ කුමක් සිදු කරන්නෙහි ද? ඔබ වෙළඳ කටයුතු සඳහා රැඳී සිටින්නේ ද නැතැයි පැවසුවෙමි. - එනම් ඔබ විකුණන්නේ ද නැත. මිලට යමක් ගන්නේ ද නැත යන්නයි - එමෙන්ම ඔබ භාණ්ඩ ගැන විමසන්නේ ද නැත. ඒවායෙහි මිල ගණන් මිනිසුන් සමග කතා කරන්නේ ද නැත. වෙළඳපොළෙහි අපේක්ෂිත කිසිදු කරුණක් ඔබ සිදු කරන්නේ ද නැත. එසේ නම්, වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් වූ කිසිදු හේතු කාරණාවකින් තොරව එහි ඔබ යෑමෙන් ඇති ඵලය කුමක්ද? එවිට ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා ඔහු දෙස බලා අහෝ කුසේ පිය! - තුෆෙයිල් තුමා බඩක් ඇත්තෙකු වූහ - එනම් ඔහුගේ බඩ පපුවට කෙළින් පිහිටා නොතිබිණ. එයට වඩා නෙරා ගිය තත්ත්වයක පිහිටින. නියත වශයෙන්ම අපි උදෑසන පිටත්ව පැමිණියේ සලාම් පැවසීමේ හේතුවෙනි. එහෙයින් අපි හමුවන උදවියට සලාම් පවසමු යැයි පවසා සිටියේය. එනම්: එතුමා වෙළඳපොළට ගියේ ගනු දෙනු කිරීමේ අපේක්ෂාවෙන් හෝ එහි අසුන් ගැනීමේ අපෙක්ෂාවෙන් හෝ නොව, සලාම් පැවසීමෙන් උපයන ලද කුසල් හිමි කර ගැනීමේ අපේක්ෂාවෙනි. මෙය ජනයා අතර සලාම් පතුරුවා හැරීමේ සුන්නාව ක්රියාත්මක කිරීමේ එතුමාණන් තුළ තිබූ කැමැත්තයි. සැබැවින්ම එය ශාන්තමය වස්තුවක් යැයි එතුමා දැන සිටියහ. එසේම මෙම පහසු වදන් කිහිපය කිසිදු පුද්ගලයකුට අපහසුතාවක් ඇති නොකරන්නකි. එහි අධික යහපත ඇත.