අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසයේ මෙසේ සඳහන්ව ඇත.: දිනක් ඔහු තම නිවසේ වුළු ගෙන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සොයමින් පිටතට පැමිණියේය. ‘සැබැවින්ම අද මාගේ මෙදින මම අල්ලාහ්ගේ දූතයාණන් සමග වෙමි.‘ එනම් ‘එතුමා සමගම යමි එමි‘ යැයි පැවසූහ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව සොයා මස්ජිදයට පැමිණියේය. හේතුව ඇතැම් විට අල්ලාහ්ගේ දූතයාණන්, මස්ජිදයේ වන්නට පුළුවන. එසේ නැතිනම් එතුමාගේ නිවසේ එතුමා තම පවුල සමඟ සිටිනු ඇත. එසේත් නැතිනම් තම මිතුරන්ගේ යහපත උදෙසා කටයුතු කරනවා ඇත. නමුත් ඔහු එතුමාණන්ව මස්ජිදයේ දුටුවේ නැත. එතුමාණන් ගැන විමසා සිටියහ. එවිට ඔවුහු එතුමා මේ දිශාවට ගිය පවසා අරීස් වෙත සංඥා කර පෙන්වූවෝය. එය කුබා අවට තිබූ ළිඳකි. අබූ මූසා තුමා ඒ සළකුණු ඔස්සේ එම ළිං සමීපයට ගියහ. එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එහි සිටිනු දුටුවේය. ළිඳ පිහිටි වත්තෙහි දොරටුව අසළ ඔහු -රළියල්ලාහු අන්හු- තුමා රැඳී සිටියේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම ශාරීරික අවශ්යතා සපුරාගත් පසු වුළු ගෙන ළිං බැම්ම මැද වාඩි වූහ. එනම් ළිඳ වටා පිහිටි බැම්මය. එතුමාගේ දෙපා එල්ලෙනට විය. එතුමාගේ කෙණ්ඩය නිරාවරණය වී තිබිණ. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ආරක්ෂකයකු සේ ළිං දොරටුව ආරක්ෂා කරමින් එම දොරටුව අසළ සිටියේය. අබූ බක්ර් -රළියල්ලාහු අන්හු තුමා අවසර පැතූහ. නමුත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට එය දන්වා සිටින තෙක් අබූ මූසා තුමා ඔහුට අවසර නොදුන්නේය. එතුමා නබි තුමා වෙත ගොස්: ‘මේ අබූ බක්ර් ඔබෙන් අවසර පතන්නේය යැයි පැවසීය. එවිට එතුමා: ඔහුට අවසර දෙන්න එමෙන්ම ස්වර්ගය ගැන සුභාරංචියද දෙන්න යැයි පැවසූහ. පසුව ඔහු එතුමාට අවසර දී අල්ලාහ්ගේ දූතයාණන් ස්වර්ගය පිළිබඳ ඔබට ශුභාරංචි දන්වා සිටියහ යැයි පැවසීය. මෙම මහඟු ශුභාරංචියකි. ස්වර්ගය පිළිබඳ ඔහුට සුභාරංචිය දී පසුව අල්ලාහ්ගේ දූතයාණන් සමග වන්නට පිවිසෙන මෙන් එතුමාට අවසර දුන්නේය. එවිට එතුමා පිවිසුණහ. නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ලිං බැම්ම මධ්යයේ වාඩි වී සිටිනු දුටුහ. පසුව එතුමාණන්ගේ දකුණත පැත්තෙන් එතුමාද වාඩි වූහ. හේතුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සෑම දෙයකම දකුණතට ප්රිය කළ බැවිනි. ඒ අනුව අබූ බක්ර් තුමා එතුමාණන්ගේ දකුණතින් වාඩි වූහ. එම ඉඳුමෙහි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට වෙනස් ලෙස කටයුතු කිරීම එතුමා පිළිකුල් කළ බැවින් එතුමාද එතුමාණන් මෙන් තම කෙණ්ඩ නිරාවරණය කරමින් ළිඳ තුළට තම දෙපා එල්ලෙන්නට සළස්වා වාඩි වූහ. එවිට අබූ මූසා තම සහෝදරයාව වුළු ගෙන එන්නට ඉඩ හැරීයේය. අල්ලාහ් ඔහු ගැන යහපතක් අභිමත කර ඇත්නම් ඔහු පැමිණ අවසර පැතූ විට ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ඔහුට හිමිවනු ඇතැයි ප්රිය කළහ. නමුත් දෙවන මිනිසා ද අවසර පැතූහ. එවිට අබූ මූසා අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ: මෙන්න උමර් යැයි පවසා සිටියේය. එවිට එතුමා ඔහුට අවසර දෙන්න ස්වර්ගය පිළිබඳ ඔහුට ශුභාරංචිය දෙන්න යැයි පැවසූහ. පසුව ඔහුට අවසර දී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ඔබට දන්වා සිටියහ යැයි පැවසීය. ඒ අනුව එතුමාද පිවිසුණහ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා අබූ බක්ර් තුමාව ළිං බැම්ම මත සිටිනු දුටුහ. එතුමා දූතයාණන්ගේ වම් දෙසින් වාඩි වූහ. එය පටු ළිඳක් විය. මේ තුන් දෙනාම එකම පැත්තෙහි සිටියහ. පසුව උස්මාන් තුමා අවසර පැතූහ. අබූ මූසා තුමා කළින් අවසර පැතුවාක් මෙන්ම මෙවරද අවසර පැතූහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා: ඔහුට අවසර දෙන්න එමෙන්ම ඔහුට ඇතිවන පරීක්ෂණයන් සමග ස්වර්ගය ඇතැයි ශුභාරංචි දෙන්න යැයි පැවසූහ. පසුව ඔහු එතුමාට අවසර දී අල්ලාහ්ගේ දූතයාණන් ඔබට ඇතිවන පරීක්ෂණයන් සමග ස්වර්ගය ඇතැයි ශුභාරංචි දන්වා සිටියේය. ඔහුගේ අයිතිය තුළට ආශිර්වාදය හා පරීක්ෂණය යන දෙකම එකතු කළේය. එවිට එතුමා සියලු ප්රශංසා අල්ලාහ් සතුය. එම පරීක්ෂණය සඳහා අල්ලාහ් උදව් පතනු ලබන්නාය. එමෙන්ම එම ශුභාරංචි සඳහා සියලු ප්රශංසා අල්ලාහ්ටමය. පසුව එතුමා පිවිසුණහ. ළිං බැම්ම පිරී තිබෙනු දුටුහ. හේතුව එය විශාල එකක් නොවූ බැවිනි. එවිට ඔවුනට මුහුණ ලා තවත් පැත්තක ගොස් වාඩි වී එතුමාද තම කෙණ්ඩය නිරාවරණය කරමින් තම දෙපා එල්ලන්නට ඉඩ හැරියේය. සඊද් ඉබ්නු මුසය්යබ් තුමා -එතුමා තාබිඊන්වරුන් අතර සිටි ප්රධානීන් අතුරින් කෙනෙකි.- සැබැවින්ම එය ඔවුන් මිණීවලවල් පිහිටා ඇති අයුරින් බව අර්ථවත් කළේය. හේතුව ඔවුන් තුන්දෙනාගේම මිණීවලවල් එකම ස්ථානයේ විය. එනම් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇතුළුව අබූ බක්ර් හා උමර් තුමා යන සියල්ලගේ මිණීවලවල් එකම කාමරයක විය. ඔවුන් සියලු දෙනා එකම ස්ථානයක වළදමා තිබුණි. ඔවුහු මෙලොවේදීද එකට ගොස් එකටම නැවත හැරී ගිය උදවිය වූහ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “මා අබූ බක්ර් හා උමර් සමග එකට යමි. එමෙන්ම මා අබූ බක්ර් හා උමර් සමග එකට පැමිණෙමි.“ යැයි නිතර පවසන්නෙකු වූහ. ඔවුන් දෙදෙනා එතුමාගේ මිතුරන් මෙන්ම ඇමතිවරු වූහ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මිණීවලවල්වලින් එකට බැහැර වෙති. ඔවුන් සියල්ලෝම මෙලොව හා මතුලොවෙහි එකටම සිටිති. ඔවුනට ඉදිරියෙන් උස්මාන් තුමාණන් වාඩි වූහ. ඔහුට ඇතිවන පරීක්ෂණය සමග ස්වර්ගය ඇති බවට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එතුමාට ශුභාරංචි දන්වා සිටියහ. මෙම පරීක්ෂණය වනාහි එතුමාට එරෙහිව ජනයා තුළ ඇති වූ මතභේදයයි. ඔවුහු බැහර වී එතුමාගේ නිවසේ එතුමාව ඝාතනය කළෝය. එතුමා මදීනාවේ තම නිවසේ අල් කුර්ආනය කියවමින් සිටියදී එතුමාණන්ව ඔවුහු ඝාතනය කළෝය. එවිට අල්ලාහ්ගේ ග්රන්ථය එතුමා ඉදිරියේ විය.