අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බරාඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත." صحيح بمجموع طرقه - رواه أبو داود والترمذي وابن ماجه وأحمد
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින් මුස්ලිම්වරුන් දෙදෙනෙකු යම් මාර්ගයක හෝ එවැනි යම් ස්ථානයක හෝ මුණ ගැසී ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අනෙක් අය වෙත අතිනත දී සලාම් පවසා සිටියේ නම්, ඔවුන් දෙදෙනා ශාරීරිකව වෙන්වීමට පෙර හෝ අතිනත දී අවසන් වීමට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."

explain-icon

හදීසයේ හරය

  • දෙදෙනකු හමුවන අවස්ථාවක අතිනතට දීම වඩාත් හිතකර වන අතර ඒ සඳහා උනන්දු කරවා ඇත.
  • මනාවී තුමා මෙසේ පවසයි: "නිදහසට කිසිදු කරුණක් නොවන පරිදි, දකුණත දකුණත මත තැබීමෙන් මිස සුන්නාව හිමි කර ගන්නේ නැත."
  • සලාම් පැවසීම සඳහා උනන්දු කරවීම, මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයාට අතිනත දීමෙන් ලැබෙන මහඟු ප්‍රතිඵල විස්තර කිරීම.
  • මෙම හදීසයෙන් ව්‍යතිරේකයක් වනුයේ තහනම් කරන ලද අතිනත දීම් පමණය. එය පිටස්තර කාන්තාවකට අතිනත දෙන්නාක් මෙනි.
explain-icon

අමතර