"මුස්ලිම්වරුන් හා දේවත්වය ප්‍රතික්ෂේප කරන ප්‍රචණ්ඩකාරී කාෆිර්වරුන් අතර පවතින ස්ථානයක මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සැළසීම උදෙසා අල්ලාහ් වෙනුවෙන් අවංක ව එක් දිනක් එහි රැඳී සිටීම මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් බවත්, ස්වර්ගයේ දී අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළ කසයේ ස්ථානය මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් බවත්, දහවල් ආරම්භයේ සිට ලුහර් වේලාව දක්වාත් ලුහර් වේලාවේ සිට රාත්‍රිය දක්වාත් අල්ලාහ්ගේ මාර්ගයේ එක්වරක් ගමන් කිරීමෙන් හිමිවන ප්‍රතිඵල හා කුසල මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් ය." යැයි නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් පවසයි.