සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය." صحيح - متفق عليه
explain-icon

විවරණය

මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ සෙසු අයට හානි පමුණුවන කටු සහිත ගසක අත්තක් දැක ඔහු එය මාර්ගයෙන් ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

explain-icon

හදීසයේ හරය

  • මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීමේ මහිමය. එය අල්ලාහ්ගේ සමාව ලැබීමට හේතු සාධකයක් වේ.
  • යහපත් ක්‍රියාවන් කිසිවක් එය සුළු දෙයක් වුව ද පහත් කොට නොසැලකීම.
  • ඉස්ලාමය පිරිසිදු කමේ දහමයි. ස්වභාවධර්මය ආරක්ෂා කරන හා පොදු ජනතාවට රැකවරණය ලබා දෙන දහමයි.
explain-icon

අමතර