අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((තණ මල්ලට කිරි නැවත යොමුවන තෙක් අල්ලාහ්ට බියෙන් ඇඬූ මිනිසා නිරා ගින්නට ඇතුළු නොවෙයි. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තැවරුණු දූවිලි හා නිරයේ දුම එකට එකතු නොවෙයි.)) පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අල්ලාහ් පිළිබඳ වූ බිය හේතුවෙන් ඇඬූ මිනිසා නිරයට අතුළු නොවන බව අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දන්වා ඇත. හේතුව අල්ලාහ්ට බියෙන් සිටින මිනිසා බොහෝ විට අවනතව කටයුතු කිරීමටත් පාපයෙන් වැළකී සිටින්නටත් බැඳී සිටියි.එය තණ මල්ලට කිරි නැවත යවන්නාක් මෙන් සිදු විය නොහැකි දෙයකි. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තැවරෙණ දූවිලි හා නිරයේ දුම එකට එක් නොවෙයි.මෙලොව හා මතු ලොව ප්රතිවිරෝධීව පිහිටා ඇති අයුරින් ඒ දෙක ද එකතු නොවී පිහිටෙන්නාක් මෙනි.

explain-icon

අමතර