ජනජීවිතයේ තත්ත්වයන් අතුරින් උතුම් තත්ත්වය වනුයේ, අශ්වයාගේ නාස්ලනුව අල්ලා ගෙන සිටින මිනිසාය යැයි මෙම හදීසයේ සඳහන් වේ. “ඔහු කම්පනයකට හෝ බියකරු තත්ත්වයකට සවන් දුන් සෑම විටකම උගේ පිට මත නැග වේගයෙන් යයි. එසේ වේගයෙන් ගොස් සටන් කරයි. අපේක්ෂිත ස්ථානයේ මරණය සොයයි. එහි අර්ථය අසු පිට නැග, වේගයෙන් ගමන් කිරීමයි. බියකරු තත්ත්වයකට සවන් දුන් සෑම අවස්ථාවකම එනම් සතුරන් පැමිණෙන අවස්ථාවේ ඇතිවන හඬය. සතුරන් වෙත යොමුවන අවස්ථාවේ ඇතිවන කම්පනයය. ඔහු සටන් කිරීමට අපේක්ෂා කරයි. ඔහු කැමති ස්ථානය සොයා යයි. එය අල්ලාහ් වෙනුවෙන් දිවි පිදීම සම්බන්ධයෙන් වූ දැඩි ආශාව හේතුවෙනි. එමෙන්ම හුදකලාවේ සිටීම සම්බන්ධයෙන්ද මෙම හදීසය අවධාරණය කරයි. කඳු මුදුණක හෝ මිටියාවතක හෝ ජනයාගෙන් වෙන්ව ගොස් හුදකලා ස්ථානයක සිට, අල්ලාහ්ට නමදිමින් කල් ගෙවා, යහපත් කටයුත්තකදී හැර (අනවශ්ය) වෙනත් කටයුතුවලින් ජනයාගෙන් ඈත්ව සිටින්නා, ඔහු එහි ශ්රේෂ්ට අයකු වේ.