නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහාබාවරුන් අතර දේශනා කරන්නට නැගී සිටියහ. එවිට අල්ලාහ්ගේ වදන උසස් කරවීම සඳහා අරගල කිරීමත් අල්ලාහ් විශ්වාස කිරීමත් ක්රියාවන් අතරින් වඩාත් උතුම් වන්නේ යැයි එතුමා ඔවුනට මතක් කළහ. එවිට මිනිසෙකු නැගිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙසේ විමසූහ. අල්ලාහ්ගේ වදන උසස් වීම පිණිස මා ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපකම් වලට මට සමාව දෙනු ලබන්නේ ද යන්න ගැන ඔබ අදහස් කරන්නේ කුමක්ද යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එසේය, නමුත් ඔබ අල්ලාහ්ට අවංකව ඔබට අතවන දේ විද දරා ගෙන ඉවසීමෙන් යුතුව ජිහාද් පිටියෙන් පළා නොයන තත්ත්වයක මිය යැමේ කොන්දේසිය මතය. යැයි පැවසූහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට කරුණක් පහළ විය. එය ණය ගැනයි. සැබැවින්ම ජිහාද් නම් අරගලය හා ෂහාදා නම් දිවි පිදීම මිනිසා සතු වගකීම් වලදී සමාව දෙනු නොලබනු ඇත යැයි දන්වා සිටියේය.