හදීසයේ තේරුම: නියත වශයෙන්ම මිනිසා අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන විට සැබැවින්ම ඔහුට අත්වන මරණය, තවත් වාර්තාවක් අනුව ‘මරණයේ වේදනාව අප අතරින් කෙනෙකුට කුහුඹුවකු සපා කෑමෙන් දැනෙන අයුරින් මිස නොපවතී. දාරිමීගේ වාර්තාවේ ‘සපාකෑමේ වේදනාව මෙන් මිස නොපවතී.’ එහි අර්තය: සැබැවින්ම දිවි පුදන්නා මරණයේ හෝ මරණ වේදනාවේ දරුණුකමක් සෙසු මිනිසුන්ගේ තත්ත්වය මෙන් විඳින්නේ නැත. නමුත් ඔහු මරණයට පත් වන අවස්ථාවේ ඔහු ලබන ඔහු විදින උපරිම වේදනාව වනුයේ කුහුඹුවකු හපා කෑමෙන් අප අත් විදින වේදනාවය. එසේ අත් වන වේදනාව ඉක්මනින්ම පහව යයි. එය දැනෙන්නේවත් නැත. මෙය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් හට අල්ලාහ් පිරිනමන භාග්යයයි. ඒ අනුව ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය පුදන කල්හි අල්ලාහ් මරණයේ වේදනාව ඔහුට සැහැල්ලු කරනු ඇත.