අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරමින් හා ඔහුගේ පොරොන්දුව තහවුරු කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ යෙදවීමට අශ්වයකු රඳවා ගන්නේ ද සැබැවින්ම උගේ කුස පිරෙන අහර, උගේ පානය, උගේ මළ හා උගේ මූත්රා යනාදිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාදියේ පවතී.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

හදීසයේ තේරුම: අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්හි නිරත කරවීම සඳහා අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් සතුරන් සමග යුද වැදිය හැකි අයුරින් අල්ලාහ් වෙනුවෙන්ම “අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ කිසියම් දෙයක් වියදම් කරන්නේ නම් ඔබලා වෙත එය පූර්ණව ගෙවනු ලබන්නේය“ යන ඔහුගේ ප්රතිඥාව තහවුරු කරමින්ද කවරෙකු අශ්වයකු හදාවඩා සීරුවෙන් තබන්නේද එවිට සැබැවින්ම අල්ලාහ් උෟ අනුභව කරන ආහාරය තරම්, ඌ පානය කරන ජලය තරම්, ඌ බැහැර කරන මළ මූත්රා තරම් කුසල් ඔහුට ලබා දෙනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ යහපත ඇති තට්ටුවේ තබනු ලැබේ. අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ දිගු හදීසයක මෙසේ සඳහන් වී ඇත. අශ්වයින් තුනකි. එය මිනිසාට බරක් වෙයි. එය මිනිසාට ආවරණයක් වේ. එය මිනිසාට කුසලක් වෙයි. පසුව මෙසේ පවසා සිටියහ. ඔහුට කුසල් ලබා දෙන්නා වූ අශ්වයා වනාහි මුස්ලිම්වරුන් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ මිනිසෙකු තණ පිට්ටනියක හෝ උද්යානයක හෝ බැඳ දමා ඇති අශ්වයාය. එම තණ පිට්ටනියෙන් හෝ උද්යානයෙන් ඌ අනුභව කරන තරමට කුසල් ඔහුට ලියනු ලැබේ. එමෙන්ම උගේ මළ හා මූත්රාවල තරමට කුසල් ලියනු ලැබේ. උගේ කඩිවාලම කපා නොදමා උස් තැනිතලාවක් හෝ උස් තැනිතලා දෙකක් පසුකර යන විට උගේ මළ හා උගේ මූත්රා තරමට අල්ලාහ් එහි හිමියාට යහපත ලියනු මිස නැත. උගේ හිමියා ගඟක් අසළින් ගමන් කර ඌ ඉන් ජලය පානය කොට ඔහු ඌට ජලය සපයන්නට නොසිතුවද ඌ පානය කරන තරමට යහපත අල්ලාහ් ඔහුට ලියනු ඇත.“ බුහාරි හා මුස්ලිම්.

explain-icon

අමතර