ස්වර්ගයට පිවිසීමෙන් පසුව එයින් වෙන්ව නැවත වාරයක් මෙලොවට පැමිණීම ආශා කරන කිසිවකු නැත. නිධන් හා වටිනා වස්තුව මහපොළොව පිරෙන්නට පිරිනැමුවද උසස් ගණයේ මාලිගාවන් හා වතු ඔහුට දුන්නද එයට ආශා නොකරනු ඇත. පසුව එතුමාණෝ ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය වෙන් කර දැක්වූහ. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදා එක් වරක් වෙනුවට දසවාරයක් ෂහාදාව තුළින් ජය ලබන්නට ප්රිය කරයි. එය ෂහීද් වරු ලබන ගෞරවය ඔහු දැක ඇති බැවිනි.